November, 5, 2015
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පවත්නා ව්‍යාපාරික සහයෝගීතාවන් තවදුරටත් ශක්තිමත් කරලීමේ අරමුණින් යුතුව, නවසීලන්ත ව්‍යාපාරික දූත කණ්ඩායමක් නොබෝදා මෙරට සංචාරයක නිරත විය. මෙම කණ්ඩායම සඳහා නායකත්වය දෙනු ලැබුවේ නවසීලන්තයේ හිටපු උප අගමැති ශ්‍රීමත් ඩොන් මැකිනන් විසිනි.
මෙම කණ්ඩායම හා මෙරට ආයතනික ප්‍රධානීන් අතර හමුවක් ඊයේ දිනයේ පැවති අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා නේපාලය සඳහා වන නවසීලන්ත මහකොමසාරිස් ග්‍රැහැම් මෝර්ටන් විසින් මෙම හමුව සංවිධානය කර තිබිණි.
ඡායාරූපය - තිමති ඕ රීලි - කළමනාකාර අධ්‍යක්ෂ, තැප්‍රොබේන් සීෆුඩ්ස්, සේනක ද සිල්වා - නවසීලන්ත කොන්සියුලර්, ශ්‍රීමත් ඩොන් මැකිනන් - නවසීලන්තයේ හිටපු උප අගමැති, ප්‍රියා මෙන්ඩිස්, කෙවින් මැක්කෙනා, ලයනල් ඩී.සී. සිල්වා සහ ග්‍රැහැම් මෝර්ටන්