නවාස් ෂරීෆ් ලංකාවට ඇවිත් අත්සන් කරන අවබෝධතා ගිවිසුම් මෙන්න

    December, 28, 2015

    පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මහතා 2016 ජනවාරි මුල් සතියේ දී මෙරට සංචාරයක නිරත වීමට නියමිතය. එතුමාගේ මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර නව ගිවිසුම් 10 ක් අත්සන් තැබීමට සැලසුම් කර තිබේ.

    එලෙස අත්සන් තැබීමට යෝජිත ගිවිසුම් පහත දැක්වේ.

    1. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ පාකිස්තානු ඉස්ලාමීය ජනරජයේ තරුණ කටයුතු අමාත්‍යාංශය අතර තරුණ සංවර්ධන ක්ෂේත්‍රෙය් සහයෝගීතාව සහා අවබෝධතා ගිවිසුම.

    2. පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර සංඛ්‍යාන හා සංගණන දත්ත හුවමාරු කිරීම පිළිබ අවබෝධතා ගිවිසුම.

    3. ශ්‍රී ලංකාවේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ පාකිස්තානයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.

    4. ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම සහ පාකිස්තාන විද්‍යා පදනම අතර විද්‍යාත්මක හා තාක්ෂණවේදී සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුම.

    5. පාකිස්තානයේ වෙළෙඳ සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය අතර වන අවබෝධතා ගිවිසුම.

    6. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ ගිවිසුම.

    7. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සංස්කෘතික ක්ෂේත්‍රෙය් සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.

    8. ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය හා පාකිස්තානයේ මෝස්තර සහ නිර්මාණ ආයතනය අතර වන අවබෝධතා ගිවිසුම.

    9. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට අදාළ මූල්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමේ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර වන අවබෝධතා ගිවිසුම.

    10. මුදල් විශුද්ධිකරණය සහ අරමුදල් සැපයීම වැළැක්වීම හා නිවාරණය කිරීම පිළිබඳ ද්විපාර්ශවික සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර වන අවබෝධතා ගිවිසුම.