March, 27, 2026
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වන SLT-MOBITEL විසින්, සිය නවෝත්පාදනීය හැකියාව, ඕනෑම තත්වයකට ඔරොත්තු දීමේ හැකියාව සහ ජනතාවාදී දැක්ම සුසංයෝග කරමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන සැලසුම තවදුරටත් පුළුල් කිරීමේ ප්‍රයත්නය තවත් තීව්‍ර කර තිබේ. 2025 මූල්‍ය වර්ෂයේ අත්පත් කොටගත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල මත පදනම්ව, පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම, ව්‍යවසායයන් ශක්තිමත් කිරීම සහ සියලු දෙනාම ඇතුළත් වන ආකාරයේ ජාතික ඩිජිටල් සැලැස්මක් ප්‍රවර්ධනය කිරීම සඳහා පුරෝගාමීව විවිධ වැඩසටහන් දියත් කරමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට උර දෙන නායකත්ව භූමිකාවක, SLT-MOBITEL සිය කාර්යභාරය ස්ථාපිත කර ඇත.
ජාතික යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා අඛණ්ඩව උර දීමේ පරමාර්ථයෙන් යුතුව, ආයතනයේ මූල්‍ය පදනම ශක්තිමත් කරමින්, විනයකින් යුත් පිරිවැය කළමනාකරණය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ස්ථාවර සහ ජංගම ව්‍යාපාර සඳහා ලබා දෙන ස්ථාවර වර්ධනය ඔස්සේ, SLT-MOBITEL විසින් ලාභ ලැබීම සම්බන්ධ තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ.2026 මාර්තු මාසයේදී, SLT-MOBITEL විසින් පුරෝගාමී පියවරක් තබමින් 24/7 මෙහෙයුම් ආකෘතිය හඳුන්වා දුන් අතර, එමඟින් Enterprise සහ ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා අඛණ්ඩ සම්බන්ධතාවයක් සහ ක්ෂණිකව දෝෂ විසඳා දෙන සේවයක් ලබා දීම සඳහා ආයතනය විසින් අඛණ්ඩව දක්වන කැපවීම පෙන්නුම් කරන ලදී. එසේම එමඟින්, බාධාවකින් තොරව ගලා යන ජාල පහසුකම් මත ඔවුන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් සහ ජීවනෝපාය රඳා පවත්නා පුද්ගලයින්ට සහ ව්‍යාපාරයන්ට මහත් ප්‍රතිලාභයක් ලැබිණි.
මෙම ආකෘතිය මගින් වෙළඳපොළට අනන්‍ය වූ ප්‍රමිති තත්වයක් නිර්මාණය කර තිබේ. එසේම එම ප්‍රමිතිය සහ ගුණාත්මක මට්ටම හා කිසිදු වෙළඳපොළ තරඟකරුවෙකුට සම වීමටද නොහැකි වී තිබේ. විශ්වසනීයත්වය, සේවා විශිෂ්ටත්වය සහ පාර්ශවකරුවන්ගේ විශ්වාසය එලෙසින්ම රැකීම සම්බන්ධයෙන් පිළිබඳ SLT-MOBITEL ආයතනයට තිබෙන කීර්ති නාමය ද මෙම සේවාව මගින් යළි යළිත් තහවුරු වේ. ප්‍රධාන නගරය තුළ මෙන්ම, මහනුවර සහ යාපනය වැනි අනෙකුත් ප්‍රදේශවලද, එසේම රටේ අනෙකුත් ප්‍රධාන පළාත් වලද උපායමාර්ගිකව පිහිටුවා තිබෙන බාහිර නඩත්තු මධ්‍යස්ථාන 14 ක් (OPMCs) 24/7 පදනම මත ක්‍රියාත්මක වන අතර මෙය, ශ්‍රී ලංකාවේ පුළුල්ම “දිනයේ වැඩ කරන කාලයෙන් පසුද සේවය සපයන” සේවා ජාලය බවට පත් කර තිබේ.
SLT-MOBITEL මෙතෙක් ලබා තිබෙන පුළුල් ජයග්‍රහණයන් සහ ආයතනය ගමන් කරන උපායමාර්ගික දිශානතිය පිළිබිඹු ඉස්මතු කරන අවස්ථාවකදී, මෙම 24/7 ආකෘතිය ආයතනයේ ප්‍රධානතම මං සළකුණු වලින් එකක් ලෙස පෙන්වා දෙනු ලැබිණි. මෙම අවස්ථාව සඳහා ගරු ඉංජිනේරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන අය සහභාගී වූ අතර, SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉමන්ත විජේකෝන් සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සංජීව සමරනායක යන අයද SLT-MOBITEL නියෝජනය කරමින් සහභාගී වූහ.
මෙම අවස්ථාවේදී SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මෙසේ පැවසීය: “අපගේ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල මගින් SLT-MOBITEL ආයතනය සතු ඕනෑම තත්වයකට ඔරොත්තු දීමේ හැකියාවත්, එසේම ගනුදෙනුකාර භවතුන් අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය පිළිබිඹු වනවා. 24/7 OPMC ආකෘතියේ මෙහෙයුම් දියත් කිරීමත් සමඟ, ජාතික ප්‍රගතිය සහ ආර්ථික වර්ධනය සඳහා අප ආයතනයේ සහය තුළින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පදනම සවිබල ගන්වන අතරම, අඛණ්ඩ සම්බන්ධතාවයක් ලබා දීම සදහා අපගේ හැකියාව පිළිබඳවත්, අපගේ සේවා විශ්වසනීයත්වය සහ පාරිභෝගිකයා අප කෙරෙහි දක්වන විශ්වාසයත් වඩාත් ශක්තිමත් කෙරෙනවා.”
“ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු ලෙස, ජනතාව කේන්ද්‍රගත කොට ගත් වැඩසටහන් ඔස්සේ ජාතික සංවර්ධනය ඉදිරියට ගෙන යාමේදී අපට පැවරී තිබෙන වැදගත් කාර්යභාරය සහ වගකීම අපි හඳුනා ගන්නෙමු,” යනුවෙන් SLT-MOBITEL හි ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් පැවසීය. “අපගේ 24/7 මෙහෙයුම් ආකෘතිය, මෙම ක්ෂේත්‍රයේ මුල් වරට සිදුවූවක් වන අතර, එය ප්‍රමිති තත්වයකට වඩා වැඩි යමක් බව කිව යුතුයි. එය ශ්‍රී ලංකාව පුරා ඩිජිටල් පරිවර්තනයෙන්, නවෝත්පාදනයෙන් සහ සෑම දෙනෙකුම ඇතුළත් කොට ගන්නා සංවර්ධනයෙන් සමන්විත අනාගතයක් හැඩගැස්වීම සඳහා මූල්‍ය ශක්තියෙන් සහ හැකියාවන්ගෙන් අප ලබාදෙන දායකත්වය සහ ඒ සඳහා වන අපගේ කැපවීම පිළිබිඹු කරනවා.”
Cloud සේවා සඳහා වන ආරක්ෂාව, Cloud සේවාවන්හි රහස්‍යතාවය, පාරිසරික කළමනාකරණය, තත්ත්ව කළමනාකරණය සහ තොරතුරු ආරක්ෂාව ඇතුළු අංශ සඳහා ලැබී තිබෙන ගෝලීය මට්ටමේ සහතිකයන්ගෙන් SLT-MOBITEL හි විශ්වසනීයත්වය තවදුරටත් ශක්තිමත් වී ඇත. එසේම එය ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශය සඳහා ඉහළ ප්‍රමිතියක් ද නිර්මාණය කර තිබේ. ඊට අමතරව, ESG reporting සහ නවෝත්පාදනය සඳහා ලැබුණු 25 කට අධික සම්මාන ප්‍රමාණය ද, SLT-MOBITEL ආයතනය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ උසුලන නායකත්වය ඉස්මතු කර දක්වයි. එසේම, අන්තර්ජාල වේග පරීක්ෂණ සහ විශ්ලේෂණ ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛයා වන Ookla® විසින්, 2025 වසරේ දෙවන භාගයේදී ශ්‍රී ලංකාවේ ‘හොඳම ජංගම දුරකථන ජාලය’ ලෙස SLT-MOBITEL ඇගයීමට ලක් කරන ලදී. සියලුම ශ්‍රී ලාංකිකයින්ට උසස් සම්බන්ධතා විසඳුම් ලබා දීම සඳහා සමාගමේ කැපවීම මෙම ඇගයීම් මගින් තවදුරටත් තහවුරු වේ.
ශ්‍රී ලංකාවේ සමාජයීය හා ආර්ථික සංවර්ධනයට සෘජුවම දායක වන SLT-MOBITEL, ව්‍යාපාරික සහ රාජ්‍ය ආයතන අති නවීන Optical Fibre ජාල තාක්ෂණයෙන් යාවත්කාලීන කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත. එය එම ආයතනයන්හි තීරණාත්මක මෙහෙයුම් සඳහා වේගවත්, වඩාත් විශ්වාසදායක සබඳතාවයක් සක්‍රීය කර දෙනු ඇත. එසේම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට ආරක්ෂිත දත්ත මධ්‍යස්ථානයක් සහ hosting සේවාවන් ලබා දෙමින් සහාය වීමටද SLT-MOBITEL කටයුතු කරන අතර, අධ්‍යාපනය ක්ෂේත්‍රය සඳහා ද සියලු දෙනාම ඇතුළත් වන ඩිජිටල් සංවර්ධනයක් ප්‍රවර්ධනය කරමින්, ද්විතීයික පාසල් සඳහා අසීමිත (unlimited) Fibre අන්තර්ජාල සබඳතා ලබා දීමටද SLT-MOBITEL උත්සුක වී ඇත.
මෙම සෑම සියලු ප්‍රයත්නයක් සමගින්ම, SLT-MOBITEL විසින් SmartChat Mega සේවාව හඳුන්වා දෙමින් තම ඩිජිටල් සේවා පරාසය පුළුල් කර ඇති අතර, එයින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට, තමන්ගේ අභිමතය අනුව හැඩගස්වා ගත හැකි, AI තාක්ෂණයෙන් යුක්ත ව්‍යාපාරික විසඳුම් ගෙන දෙනු ඇත. ඒ අනුසාරයෙන් ව්‍යාපාර වර්ධනය සඳහා සහාය වන SLT-MOBITEL, ජාතික ආර්ථිකය නංවාලීමටද සිය දායකත්වය ලබා දේ. මේ අතරම, SLT-MOBITEL විසින් ලබා දෙන Ceylon Remit සේවාව, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට බාධාවකින් තොරව මුදල් එවීමට ද හැකියාව ලබා දේ.
නවෝත්පාදනයෙන්, මනා කාර්යක්ෂමතාවයෙන් සහ සිය ඔරොත්තු දීමේ හැකියාව තුළින්, SLT-MOBITEL ආරක්ෂිත, විශ්වාසදායක සහ පරිවර්තනීය විසඳුම් ලබා දේ. ඒ ඔස්සේ, ගනුදෙනුකරුවන් බලගන්වමින්, ව්‍යවසායන් ශක්තිමත් කරමින්, එසේම සෑමදෙනෙකුම ඇතුළත් වන ජාතික ඩිජිටල් පරිසර පද්ධතියක් ගොඩනගමින්, ඩිජිටල් ලෙස බලගැන්වූ ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා SLT-MOBITEL පෙරමුණ ගෙන සිටී.


Video Story