July, 17, 2016
ප‍්‍රජා සත්ත්ව ශුභ සාධන වැඩසටහනක් සමග ඒකාබද්ධ වූ මෙරට එකම විලාසිතා සන්නාමය වන එම්බාර්ක් 2015-16 වසරේදීත් වීදි සුනඛයින් 14,459 දෙනෙකු සඳහා වෛද්‍ය රැකවරණය ලබාදුන් අතර සමාගම විසින් මෙම සත්කාරය සිදුකරනු ලැබූ නමවන වසර මෙයයි.
සත්ත්ව ශුභ සාධනය වෙනුවෙන් කැපවී සිටින පාර්ශවකාර ආයතන, ස්වේච්ඡුා සාමාජිකයින්ගේ සහයෝගය සහිතව එම්බාර්ක් මේ වසරේදී සුනඛයින් වෙනුවෙන් වන්ද්‍යකරණ ශල්‍යකර්ම 3,464 ක් සිදුකළ අතර ජලභීතිකා එන්නත් ලබාදුන් සුනඛයින් සංඛ්‍යාව 5,788 ක්වේ. මේ අතර, තුවාල ලැබූ සුනඛයින් 644 දෙනෙකුට ප‍්‍රතිකාර ලබාදී තිබෙන අතර සුනඛ පැටවුන් 473 දෙනෙකුට නව නිවාස සොයාදීමට මැදිහත්වී ඇත. මේ කටයුතු සියල්ල සිදුකළේ 2015 අපේ‍්‍රල් සහ 2016 මාර්තු කාල සීමාව තුළදී බව එම්බාර්ක් සඳහන් කරයි.
‘‘මෙම වැඩසටහන ලබා තිබෙන ප‍්‍රගතිය ගැන අපි සතුටු වන අතරම නිමා වූ වසරේදී කොළඹින් පිට පළාත් සඳහාත් මෙම වැඩසටහන ව්‍යාප්තවීම කැපී පෙනෙනවා. ශ‍්‍රී ලංකාවේ වීදි සුනඛයින්ගේ ජීවිත වෙනස් කිරීම වෙනුවෙන් කැපවන බොහෝ කරුණාවන්ත ජනතාවට අපි ස්තූතිවන්ත වෙනවා’’ යනුවෙන් මේ පිළිඳව අදහස් දක්වමින් එම්බාර්ක් සමාරම්භක ඔටාරා ගුණවර්ධන මහත්මිය පැවසුවාය. ‘‘ශ‍්‍රී ලංකාව පුරාම අප වැඩකරන බොහෝ දෙනෙකුගේ ආකල්ප මේ සම්බන්ධයෙන් ධනාත්මකව වෙනස්වීම ගැන අපි සතුටු වෙනවා. ඔවුන් තමන්ගේ කරුණාවන්ත භාවය ප‍්‍රදර්ශනය කරමින් වීදි සුනඛයින් සඳහා තම නිවසේ ඉඩක් වෙන්කළ අතර ඒ තුළින් විදහා දැක්වූයේ වීදි සුනඛයින් සහ සියළු සතුන් සමග අපට සහයෝගයෙන් ජීවත් විය හැකි බවයි. මෙම වෙනස්වීම පිළිබඳව අපට පෙන්වා දිය හැකි හොඳම උදාහරණයක් වන්නේ ඉදිරිපස දෙපා අහිමි වූ පසුපස දෙපා වලින් ඇවිදයන මොලී නැමති සුනඛයායි. වසර තුනක් අප සමග සිටීමෙන් පසුව ඇය වෙනුවෙන්ද නිවසක් සොයාදීමට අපට හැකිවුණා.’’
සලකා බලන වසර තුළදී එම්බාර්ක් විසින් දඹුල්ල, සීගිරිය, ආරුගම්බේ, ගාල්ල සහ මහරගම ප‍්‍රදේශවල සුනඛයින් අල්ලා ගැනීම, වන්ද්‍යකරණයට ලක්කිරීම, එන්නත් කිරීම සහ නිදහස් කිරීමේ (CNVR) මහා පරිමාණ වැඩසටහන් සිදුකළ අතර මෙයින් බලාපොරොත්තු වූයේ සුනඛයින්ට සහ මිනිසුන්ට සහයෝගයෙන් සහ සතුටින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි.
එම්බාර්ක් විසින් මහා පරිමාණයෙන් සිදුකළ හතරවන CNVR වැඩසටහන දඹුල්ලේදී පැවැති අතර එය 2015 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කර 2016 පෙබරවාරි මාසයේදී අවසන් කරන ලදී. මෙහිදී, සුනඛයින් 2,783 දෙනෙකු වන්ද්‍යකරණයට ලක්කළ අතර සුනඛයින් 3,071 දෙනෙකුට එන්නත් ලබාදී තිබේ. සීගිරියේ පැවැත්වූ මාස 11 ක වැඩසටහන 2015 අගෝස්තු මාසයේදී අවසන් වූ අතර එහිදී සුනඛයින් 1,697 දෙනෙකුට එන්නත් ලබාදීමත් සුනඛයින් 1,304 දෙනකු වන්ද්‍යකරණයට ලක් කිරීමත්, සුනඛයින් 627 දෙනෙකුට ප‍්‍රතිකාර ලබාදීමත් සිදුකරන ලදී. මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට එම්බාර්ක් වෙත Brigitte Bardot පදනමේ සහයෝගය හිමිවිය.
මෙරට සංචාරකයින් වඩාත් ආකර්ශනය කරගන්නා ආරුගම්බේ ප‍්‍රදේශයේ එම්බාර්ක් විසින් දින දෙකක වැඩසටහනක් පැවැත්වූ අතර එහිදී සුනඛයින් 97 දෙනෙකුට එන්නත් ලබාදීම, සුනඛයින් 106 දෙනෙකු වන්ද්‍යකරණයට ලක්කිරීම සිදුකර තිබේ. එම්බාර්ක් විසින් සුනඛ සුරතලූන් හදාවඩා ගැනීමට නිවාස වෙත ලබාදීමේ ගාල්ලේ පැවති පළමු වැඩසටහන පැවැත්වූයේද 2016 වසරේදීයි. එම්බාර්ක් විසින් අවුරුදු 4ක කාලයක් පුරා පැවති මහරගම CNVR වැඩසටහන 2015 දෙසැම්බර් මාසයේදී අවසන් විය. මෙම වැඩසටහන යටතේ සුනඛයින් 18,260 දෙනෙකු එන්නත් කළ අතර සුනඛයින් 2,005 දෙනෙකු වන්ද්‍යකරණයට ලක්කරන ලදී.
මෙම ප‍්‍රජා සත්කාරක සේවාවන් සිදුකිරීමේදී එම්බාර්ක් විසින් Best Care Animal Hospital, TAPA Sri Lanka, Four Paws Animals Hospital සහ අදාළ නගර සභා සහ ප‍්‍රාදේශීය පාලන අධිකාරීන් මෙන්ම වැඩසටහන් සඳහා සහයෝගය ලබාදෙන ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කළේය.
වගකිව යුතු ලෙස සත්ත්ව සුරතලෙකු හදාවඩා ගැනීම, ජල භීතිකා රෝගය, වීදි සුනඛයින් සමග ආරක්ෂිත ලෙස කටයුතු කිරීම වැනි මාතෘකාවන් පිළිබඳව ප‍්‍රජාව දැනුවත් කිරීමට එම්බාර්ක් කැපවී සිටින අතර මෙහිදී වඩාත් ඉලක්ක කරන්නේ පාසැල් යන වයසේ දරුවන් දැනුවත් කිරීමටයි. මෙම වැඩසටහන් මගින් පාසැල් දරුවන් 1,581 දෙනෙකු පමණ දැනුම ලබාගෙන ඇති අතර මහරගම බෞද්ධ ප‍්‍රාථමික පාසැල, කොළඹ ඔවර්සීස් පාසැල, තලවතුගොඩ විදුර විද්‍යාලය සහ ධර්මපාල විද්‍යාලය මෙම වැඩසටහන් මගින් ප‍්‍රතිලාභ ලබා තිබෙන පාසැල් වේ.
මේ අතර, ගාලූ කොටුවේ එම්බාර්ක් පළමු අලෙවි සැල ආරම්භ කිරීම සමඟ 2015-16 වසරේදී එම්බාර්ක් සන්නාමය තවදුරටත් ප‍්‍රචලිත විය. මෙයට පසුව කැන්ඩි සිටි සෙන්ටර්, කටුනායක ගුවන් තොටුපොළ, කොළඹ 05 ඩික්මන් පාර යන ස්ථාන වල තවත් අලෙවිසැල් තුනක් විවෘත කිරීමටද එම්බාර්ක් කටයුතු කරන ලදී.
එම්බාර්ක් සන්නාමය 2007 වසරේදී ආරම්භ වන්නේ කීර්තිමත් ව්‍යවසායිකාවක් වන ඔටාරා ගුණවර්ධන මහත්මිය සහ ඇයගේ කණ්ඩායම විසින් සුනඛයින්ගේ තේමාවන් රැුගත් ටී-ෂර්ට් හයක් නිර්මාණය කිරීමත් සමගයි. මෙම නව සන්නාමය පාරිභෝගිකයින්ගේ ආදරය සහ ආකර්ශනය දිනාගනිමින් පුරා වසර නමය කාලයක් වර්ධනය වී තිබෙන අතර අනාගත බලාපොරොත්තුව වන්නේ මෙරට වීදි සුනඛයින්ගේ ශුභ සාධන කටයුතු වලට කැප වෙමින් මෙරට ප‍්‍රජාවගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කරමින් ඉදිරියට යෑමයි. එම්බාර්ක් සන්නාමය ආරම්භ වූදා සිට මේ දක්වා වීදි සුනඛයින් 80,000 කට වැඩි ප‍්‍රමාණයකගේ ජීවිත ධනාත්මකව වෙනස් කිරීමට එම්බාර්ක් කටයුතු කර තිබෙන අතර වීදි සුනඛයින් පිළිබඳව සමාජයේ තිබෙන ආකල්පය ශුභවාදී ලෙස වෙනස් කිරීමට සමත්වී තිබේ. එසේම, සතුන් සමග සහජීවනයෙන් ජීවත්වීමේ වැදගත්කම සමාජයට ඒත්තු ගැන්වීමට එම්බාර්ක් කටයුතු කර ඇත. මෙම සතුන්ගේ ජීවිත ආලෝකමත් කිරීමට ඉදිරියට පැමිණි ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලය, පශු වෛද්‍යවරුන්, ස්වේච්ඡුා සේවකයින්, කරුණාවන්ත පවුල් ඇතුළු සහයෝගය ලබාදුන් සියළුම දෙනාට එම්බාර්ක් විසින් සිය කෘතඥතාවය පුදකර සිටී.
(වමේ සිට දකුණට)- සුනඛයෙකු ගලවා ගැනීමේ කටයුත්තක් සිදුකරමින්. එම්බාර්ක් සමාරම්භක ඔටාරා ගුණවර්ධන මහත්මිය රෝගී වූ සුනඛයෙකු සමග. පාසැලක පැවති අධ්‍යාපනික වැඩසටහනක් සහ එම්බාර්ක් සායනය වෙත ගෙනයන සුනඛයින් පිරිසක්.
Video Story