March, 3, 2025
අක්කර 570ක් ආවරණය වන පරිදි, කර්මාන්තපුර 10ක යටිතලපහසුකම් සංවර්ධනය සඳහා මෙම වසරේ කටයුතු ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද(03) පාර්ලිමේන්තුවේදී යි.
" IDB එක නැත්නම් කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ කර්මාන්තපුර 17ක් ක්‍රියාත්මක වෙනවා. නව කර්මාන්පුර ආරම්භ කිරීමට සැලසුමක් තියනවා. විශේෂයෙන්ම මේක ජාතික සැලසුමක්. ඒක කර්මාන්ත අමාත්‍යාංශය ද, BOI එක ද, IDB එක ද කියන එක එහා ගිහිල්ලා ඉංගිරිය, රයිගම, මිල්ලනිය, අදියර 2, පරන්තන්, වාලච්චේන, පුලියක්කුලම්, ආරච්චිකට්ටුව, තිහගොඩ, මාවතගම, ඇලයාපත්තුව සහ බිංගිරිය යන ප්‍රෙද්ශ ආවරණය වන අක්කර 570ක් ජාතික වශයෙන් කර්මාන්තකරණය සඳහා කර්මාන්තපුර 10ක යටිතලපහසුකම් සංවර්ධනය සඳහා මේ වසරේ අපි කටයුතු ආරම්භ කරනවා. විශේෂයෙන් කියන්න ඕන මේක ජාතික වැඩපිළිවෙලක් යටතේ සිද්දවෙන දෙයක්. ඒ නිසා මොන ආයතනයද මේකේ මූලිකත්වය ගන්නේ , මොන ආකාරයෙන් ද මේ කර්මාන්තපුර සංවර්ධනය කරන්නේ මොන වගේ, ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම එක් එක් ක්ෂේත්‍රයන් සඳහා කර්මාන්තපුර වෙන් කරන්න. එතකොට ඒකේ ඵලදායීතාව වැඩි කරගන්න පුළුවන්. "
Video Story