නව නිදහස් වෙළෙඳ ගිවිසුම් ගැන ඇමති මලික් මෙසේ කියයි

    May, 6, 2016

    ශ්‍රී ලංකාව මේ වන විට නිදහස් වෙළෙඳ ගිවිසුම් සඳහා සිංගපූරුව, මැලේසියා සහ තුර්කිය වැනි රටවල් වෙත අවධානය යොමු කර තිබෙන බව ජාත්‍යන්තර වෙළෙඳ හා සංවර්ධන උපායමාර්ගික අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය. ඊයේ කොළඹ පැවති ලෝක අපනයන සංවර්ධන සමුළුව, ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    “ශ්‍රී ලංකාව තුළ උද්ධීපිත ආර්ථිකයක් ඇති කිරීමට නම් භාණ්ඩ හා සේවා අපනයනය වර්ධනය කිරීමට අවශ්‍ය වෙනවා. ජාත්‍යන්තරය සමග වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් ශ‍්‍රී ලංකාවට ආර්ථික වාසි රැසක් අත්පත් කර ගත හැකි අතර මේ සඳහා සිංගපූරුව, මැලේසියාව හා තුර්කිය වැනි රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් කර යොමු වීම අපේ අභිප්‍රායයි“, යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    Video Story

    Stock Market

    Exchange Rates