නව යුගයේ සමාජ ආර්ථික අභියෝග ජයගැනීම සඳහා Communique PR ඇරඹෙයි

    July, 3, 2019

    වෙළඳපල අභියෝග හමුවේ  තිරසර විසඳුම් ඉලක්ක කරගත් මහජන සබදතා උපදේශන ආයතනයක්

    ශ්‍රී ලංකාවේ නවතම මහජන සම්බන්ධතා ආයතනය ලෙස Communique PR  ඇරඹෙයි. ජනමාධ්‍ය සහ  සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන අරවින්ද ඉන්ද්‍රජිත් මහතා ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම නවතම මහජන සබඳතා ආයතනය නව යුගයේ සමාජ ආර්ථික සන්නිවේදන අභියෝග මැනවින් වටහාගත්  මහජන සබදතා උපදේශන සමාගමක් ලෙස කටයුතු කිරීමට අපේක්ෂිතය.  අව්‍යාජත්වය, ප්‍රජාව සහ විනිවිද භාවය කේන්ද්‍රකර ගත් තිරසර සන්නිවේදන ක්‍රමෝපාය රැසක් Communique PR විසින් හඳුන්වා දෙනු ඇත.

    සිය ආයතනික දර්ශනය පිළිබඳව අදහස් දැක්වූ Communique PR හි සාමාන්‍යාධිකාරි අරවින්ද ඉන්ද්‍රජිත් මහතා සඳහන් කළේ  සන්නිවේදන සහ ක්‍රමෝපාය උපදේශන සමාගමක් වශයෙන් නිරතුරුවම පාරිභෝගිකයා මෙන්ම ගණුදෙනුකාර ආයතනවල ප්‍රගතිය උදෙසා කටයුතු කරන බවයි. වෙළද ආයතන හා පාරිභෝගිකයා අතර පවතින සබඳතාව එම වෙළඳ ආයතනය සතු මිළකළ නොහැකි වත්කමක් බවත් එම සබඳතා තව දුරටත් දෙපාර්ශවයටම හිතකර අන්දමින් තිරසර ලෙස වර්ධනය කිරීමට අවශ්‍ය නිර්මාණාත්මක සැලසුම් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට සූදානම් බවයි.  වර්තමානයේදී පාරිසරික වෙනස්වීම් වලට සමගාමීව මෙරට  වෙළඳපොළ ද වෙනස් වෙමින් පවතින බවත්  , සම්පත් ලබාගැනීමේ හැකියාව සහ සීඝ්‍ර නාගරික කරණය ආදී කරුණු රැසක් ඊට බලපා ඇති බවද සඳහන් කළ හෙතෙම පෙන්වා දුන්නේ  පාරිභෝගික හැසිරීම ද නව සමාජ සන්නිවේදන ක්‍රියාවලිය සමඟ වෙනස් වන බවයි. තොරතුරු තාක්ෂණය විසින් මෙහෙයවන ලද තොරතුරු හුවමාරුව මේවනවිට තිරසර සන්නිවේදන ක්‍රමෝපාය වෙත මාරු වී ඇති බවත් හෙතෙම සදහන් කළේය.

    Communique PR ආයතනය සිය තිරසර ප්‍රතිපත්තිය ප්‍රමුඛ කර ගනිමින් මහජනයා , පරිසරය හා ලාභය යන සංකල්ප ත්‍රිත්වයට පදනම් කරගත් සන්නිවේදන විසඳුම් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. වෙළඳ ආයතන හා පාරිභෝගිකයා අතර විනිවිද පෙනෙන විශ්වාසවන්ත සබඳතාවක් තහවුරු කර දීම එහි ප්‍රධාන අරමුණකි.

    සිය අරමුණ  පාරිභෝගිකයා සහ වෙළඳ ආයතන අතර රැඩිකල් විනිවිදභාවයක් වර්ධනය කිරීම බවත් ඒ ඔස්සේ එම සබඳතාව දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන යාම බවත් අරවින්ද ඉන්ද්‍රජිත් මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.එම  තිරසර සබඳතාව තුළින්  වඩා විශ්වසනීය ලෙස සන්නාමයක් ප්‍රමුඛ කොට දැක්වීමේ ශක්තිය Communique PR ආයතනය සතුවන බව ද හෙතෙම මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    දක්ෂ නිර්මාණශීලි නව අදහස් වලින් පිරිපුන් කණ්ඩායමකින් සමන්විතCommunique PR ආයතනය මනා ඉදිරි දැක්මක් සහිතව  මහජන සබඳතා උපදේශන සේවාවේ නිරත වීමට අපේක්ෂා කරයි.   අර්බුද සන්නිවේදනය සඳහා ධනාත්මක විසඳුම් , ගණුදෙනුකරුවන් ගේ සබඳතා, ඩිජිටල් තාක්ෂණය, සමාජ මාධ්‍ය සබඳතා, ආදී සංකල්ප ඔස්සේ වෙළඳ පළ අභියෝග ජය ගැනීමේ නව ක්‍රමෝපාය රැසක් සමඟ ඉදිරි කටයුතු මෙහෙයවීමට අපේක්ෂිතය.