නව රජයේ පළමු අයවැය අදයි

    November, 20, 2015

    2016 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය. මේ අනුව අද පස්වරු 2.00 ට 2016 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    අයවැය දෙවන වර කියවීමෙන් පසු, විවාදය නොවැම්බර් 21 දින සිට පුරා දින 9 ක් පැවැත්වේ. 2016 අයවැය දෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීම දෙසැම්බර් 02 වන දින පැවැත්වීමට නියමිතව තිබේ. ඉන්පසු කමිටු අදියරේ අයවැය විවාද දෙසැම්බර් 03 වන දින ආරම්භ වන අතර එය දින 15 ක් පුරාවට පැවැත්වෙයි.

    තෙවන වර කියවීමෙන් පසු 2016 අයවැය සඳහා ඡන්ද විමසීම දෙසැම්බර් 19 දින පැවැත්වෙනු ඇත.