November, 17, 2015
ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ වඩාත් ඉහළ ප්‍රමිතියකින් යුක්ත සංචාරක සේවා සැපයුම් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සඳහා නව සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් සිටිනා බවත් එම සැලසුම් හරහා සංචාරක ක්ෂේත්‍රය තුළ නව රැකියා දහස් ගණනක් නිර්මාණය කිරීමට පවතින රැකියා වඩාත් සුරක්ෂිත කිරීමට ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් සංවිධානය කළ සාර්ක් කලාපීය සංචාරක ක්ෂේත්‍ර ආයෝජක සමුළුවේදී අවධානයට ලක් වූ කරුණු ඇතුළත් කොළඹ පත්‍රිකාව (Colombo Declaration) සංචාරක අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම වානිජ හා කර්මාන්ත මණ්ඩල සභාපති අජිත් වත්තුහේවා මහතා, මහලේකම් අජිත් පෙරේරා ඇතුලූ නිලධාරීන් හමුවේ කරුණු දක්වමින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා නව රජයේ ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කිරීමට මෙහිදී සිදු වුණි.
අපේ රටේ සංචාරක ක්ෂේත්‍රයේ යථා තත්ත්වය පත් කිරීම සඳහා ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයිග විශේෂයෙන් ගුවන්සේවා සැපයුම් ක්ෂේත්‍රය වැනි ඉතාම අත්‍යවශ්‍ය සෘජු සේවාවන්හි සේවා සැපයුම ඉතා පහළ මට්ටමක පවතින බවත් ඒ සඳහා සංචාරක සේවා ප්‍රවීනයන්ගේ සහභාගිත්වයෙන් ඉතාම වැදගත් පියවර රැසක් ඉතාම ඉක්මණින් ගනු ලබන බවත් ඒ හරහා තම ගමනාන්තය දක්වා සුරක්ෂිත ගුවන්සේවා පහසුකම් සැපයීම සඳහා කටයුතු කරන බවත් තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල දකුණු ආසියානු වානිජ හා කර්මාන්ත මණ්ඩලයේ සාමාජිකත්වය ලැබූ මෙරට වානිජ මණ්ඩල එකමුතුවයි. එමගින් සංවිධානය කළ මෙම සාර්ක් කලාපීය ආයෝජක සමුළුව පසුගිය දා කොළඹ හිල්ටන් හෝටලයේදී නිමාවට පත් විය. නිර්බාධා කලාපීය සංචාරක සේවා සැපයුම් පවත්වාගෙන යාම සඳහා ඇති වන ගැටලූකාරී තත්ත්වයන් පිළිබඳ මෙහි අවධානයට ලක් වූ අතර එවැනි තත්ත්වයන් පාලනය කරමින් කලාපීය සංචාරක සේවා සැපයුම් ක්ෂේත්‍රය උසස් ප්‍රමිතියකින් පවත්වා ගෙන යාමට අවශ්‍ය පියවර සඳහා එකඟතාවයන් ඇති කර ගැනීම ද සිදුවිණි.
Video Story