November, 9, 2021
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන කි‍්‍රස්බ්‍රෝ, වසර 50ක් පුරාවට, පාරිභෝගිකයින් වෙත ඉහළ පෝෂණ ගුණයකින් සපිරි නැවුම් නිෂ්පාදන ලබා දෙමින් සිය ශ‍්‍රම බලකාය මුහුණ දෙන දරිද්‍රතාවය පිටුදැකීම සඳහා සෑම අදියරකදීම සහයෝගය දැක්වීමට සහ ඔවුන්ව සවිබල ගැන්වීමට කටයුතු කරමින් සිටී ගඑහිදී ප‍්‍රධාන වශයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවල පදිංචිකරුවන් වෙත වැඩි අවදානයක් යොමුකරනු ලබයි.
කි‍්‍රස්බ්‍රෝ විසින් ශ‍්‍රී ලංකාවේ ඌව, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල ගොවි පවුල් 250 කට ඔවුන්ගේම ස්වාධීන කුකුළු ගොවිපළවල් පිහිටුවීමත් සමඟ ඊට අත්වැලක් සැපයීම උදෙසා වර්තමානයේ තම ආයතනික සමාජ වගකීම් ප්‍රෙව්ශයක් වන ”දිරි සවිය” වැඩසටහන හඳුන්වා දෙන ලදී.
එහි දී දේශීය ගොවීන් රටේ ආර්ථිකයට වඩාත් ශක්තිමත්ව දායක කරවීම සඳහා කි‍්‍රස්බ්‍රෝ වෙතින් ගොවීන්ට උසස් තත්වයේ විශේෂඥ පුහුණුවක් ලබාදීම, කි‍්‍රස්බ්‍රෝ හි ම අභිජනනාගාරවල නිෂ්පාදිත උසස් තත්වයේ පැටවුන් ලබාදීම සහ කුකුළු ආහාර නිෂ්පාදනාගාරය තුළ නිෂ්පාදනය කරන ගුණාත්මක ආහාර ලබාදීම හරහා මෙම වැඩපිළිවෙලෙහි සෑම පියවරකම ගුණාත්මකභාවය සහ උසස් තත්වය කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය.
”පසුගිය දශක කිහිපය තුළ ශිඝ‍්‍ර ලෙස වර්ධනය වී ඇති කි‍්‍රස්බ්‍රෝ සමාගම විසින් ලබා දෙන ආර්ථික සහ සමාජීය දායකත්වය අද වන විට නැතුවම බැරි තත්වයකට පැමිණ තිබෙනවා. සමස්ත කුකුළු කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය බොහෝ ගොවි ප‍්‍රජාවන්ගේ සුබසාධනය සඳහා සමාගමේ ආරම්භක අරමුණු පරිදි ව්‍යාපාරයෙන් ඔබ්බට ව්‍යාප්ත කරනවා.” යනුවෙන් කි‍්‍රස්බ්‍රෝ හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර අමොරේස් සෙලර් මහතා සඳහන් කළේය.
මෙම යෝජනා ක‍්‍රමය හරහා සමස්ත දේශීය ගොවි ප‍්‍රජාව සඳහා අත්‍යවශ්‍ය තීරණාත්මක සහයෝගය ලබාදීමට කටයුතු කරයි.
නිදසුනක් වශයෙන්, මෙම ප‍්‍රයත්නයෙහි වැදගත් අංගයක් වන්නේ කුකුළු ගොවීන් සමඟ ඇති කරගන්නා සමීප සහයෝගීතාවයයි. මෙම ගොවීන් වෙත, ක‍්‍රිස්බ්‍රෝ සඳහා කුකුළන් ඇති කිරීමට ගිවිසුම්ගතව සිටින අතර කුඩා පරිමාණයේ බාහිර කුකුළු ගොවිපළ යෝජනා ක‍්‍රම හරහාය. මෙම හවුල්කාරිත්වය ඔස්සේ ක‍්‍රිස්බ්‍රෝ විසින් මෙම ගොවීන්ට අවශ්‍ය කුකුළන්, පශු වෛද්‍ය සහාය, ආහාර සහ තාක්ෂණික සහාය ලබා දෙන අතර කුඩා කුකුළු ගොවිපළ හිමියන් සිය වගාවන් දෛනික රැුකවරණය සහ අධීක්ෂණය කළ යුතුවේ.
මෙම වැඩපිළිවෙල අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන අතර එමඟින් රට පුරා සිටින ගොවි පවුල් දහස් ගනනක් සවිබල ගන්වා ඇති අතර ඔවුන්ගේ ගොවිපළවලට ස්වාධීනව ක‍්‍රියාත්මක වීමට ඉඩ සලසමින් ස්ථාවර ආදායම් මාර්ගයක් නිර්මාණය කර දෙයි. මෙම වැඩපිළිවෙල හරහා මෙම කොන්ත‍්‍රාත් වගාකරුවන් සමාගමේ සහාය නොමැතිව කුකුළන් ඇති දැඩි කරන විට සාමාන්‍යයෙන් මුහුණ දිය යුතු මූල්‍ය අවදානම සැලකිය යුතු ලෙස අවම කරයි.
කුකුලු අාහාර නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය බඩ ඉරිඟු සපයන ගොවීන් සමඟ නිරන්තරයෙන් සහයෝගීව කටයුතු ක්‍රිස්බ්‍රෝ සමාගම පසුගිය වසරේ පමණක් මොණරාගල, මහියංගනය සහ ගිරාදුරුකොට්ටේවැනි ප‍්‍රදේශවල ගොවීන් 1,200 කට අධික පිරිසකගෙන් බඩඉරිඟු මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 1 කට අධික මුදලක් වැය කරමින් ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළේය.
මීට අමතරව, කි‍්‍රස්බ්‍රෝ සත්ව ආහාර නිෂ්පාදනාගාරය මඟින් ගොවීන්ට සෘජු විකුණුම්වල නිරත වීමට ඉඩ සලසයි. මෙහි දී ගොවීන්ට අතරමැදියෙකු මත විශ්වාසය තැබීමට අවශ්‍ය නොවන අතර ඔවුන්ගේ නිෂ්පාදන එකතු කිරීමෙන් පසු ඔවුන්ට මුදල් ගෙවන බවට සහතික වෙයි.
අවසානයේදී, කි‍්‍රස්බ්‍රෝ හා ගොවීන් සමඟ ඇති බැඳීම මඟින් ශක්තිමත් ආර්ථිකයක් තුළ තෘප්තිමත් පුරවැසියන් බිහිකිරීමේ සිය අතිමහත් කැපවීම මල් ඵල දරණු ඇත.
මෙම යෝජනා ක‍්‍රමය කුකුළු කර්මාන්තය තුළ ප‍්‍රමුඛ භූමිකාවක් නියෝජනය කරන අතර, එහි කෙටි කාලීන හා දිගු කාලීන ප‍්‍රතිලාභ ආර්ථිකයට ධනාත්මක ලෙස බලපායි. වඩාත්ම විනයගරුක, ව්‍යුහගත සහ ස්ථාවර බදු ගෙවන්නන් සහිත මෙම කර්මාන්තය රටේ ඉහළම කෘෂිකාර්මික ආදායම් උත්පාදන ක්ෂේත‍්‍ර අතර ප‍්‍රධාන තැනක් ගනියි.
Video Story