January, 1, 2025
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් 2025 වසරේ ආරම්භක දිනය වන අද (01) දින රු. මිලියන 168,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණි.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ වෙන්දේසිය සඳහා රු. මිලියන 405,775 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණු බවයි.
කෙසේ වෙතත් එහි දී ඉදිරිපත් කළ ලංසු ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් එනම් රු. මිලියන 168,000 ක ලංසු පිළිගෙන තිබුණි.
පසුගිය වෙන්දේසිය හා සැසඳීමේ දී මෙම වෙන්දේසියේ දී දින 91, 182 හා 364 පරිණත කාල තුනටම අදාළව බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන්හි සුළු පහළ යාමක් දක්නට ලැබුණි.