නව ව්‍යවසායකයින් 14,022 ක් හඳුන්වා දීමට ලංකාපුත්‍ර සැරසෙයි

    August, 9, 2016

    එක් ග්‍රාම නිලධාරී වසමකට එක් ව්‍යවසායකයෙකු ලෙසින් දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 14,022 ආවරණය වන පරිදි නව ව්‍යවසායකයින් 14,022 ක් හඳුන්වා දීමට ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ.

    මෙහි පළමු පියවර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් 100 දෙනෙකු සඳහා ණයපහසුකම් සැලසීමට පියවර ගන්නා ලදී. කෘෂිකර්ම, කර්මාන්ත, සේවා, ස්වයං රැකියා, මත්ස්‍ය, සංචාරක හා තවත් ක්ෂේත්‍ර රැසක් නියෝජනය කළ ව්‍යවසායකයින් පිරිසක් මේ සඳහා එක්වූහ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන මහතා කියා සිටියේ දැනටමත් ආරම්භ කර තිබෙන ව්‍යවසායන් සඳහා මෙලෙසින් මුදල් ආධාර ලබා දීමට කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය උපදෙස් දීමට ද බැංකුව සූදානම් බවත්ය.

    මෙම ණය පහසුකම් ලබාගැනීම සඳහා උපදෙස් ජාතික පුවත්පත් හරහා ප්‍රකාශයට පත්කර තිබේ. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලංකාපුත්‍ර සංවර්ධන බැංකු ශාඛාවකට තැපැල් මඟින් හෝ ගෙනැවිත් භාරදිය හැකිය.