October, 7, 2024
2024 ඔක්තෝබර් මාසයේ දෙවන සතියට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (07) දිනයේ දී ආරම්භ වූ අතර එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 111.15 ක හා S&P SL20 දර්ශකය ඒකක 47.58 ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණි.
ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,164.64 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 3,590.80 ක් ලෙසත් වාර්තා විය.
සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට CT හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හා කොමර්ෂල් බැංකුව යන සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.

අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.77 කි.
සම්පත් බැංකුව (රු. මිලියන 352), කොමර්ෂල් බැංකුව (340), පෑන් ඒසියා බැංකුව (278), හැටන් නැෂනල් බැංකුව (193) සහ වස්කඩුව බීච් රිසෝට් (173) අද දිනයේ පිරිවැටුමට වැඩි දායකත්වයක් ලබාදුන් සමාගම් අතර පෙරමුණේ විය.
