September, 7, 2020
කොවිඞ්-19 වසංගතයෙන් පසුව ඇතිවී තිබෙන ‘නව සාමාන්‍ය’ තත්ත්වයට ව්‍යවසායිකාවන්ට අනුගතවීමට සහාය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (WCIC) සමග එක්ව webinar සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදී.
ව්‍යවසායිකාවන් සවිබලගැන්වීම සඳහා කොමර්ෂල් බැංකුව සිදුකරමින් තිබෙන වැඩසටහන්වල කොටසක් ලෙස බැංකුව විසින් මෙම webinar සම්මන්ත‍්‍රණය පැවැත්වූ අතර සමාජ දුරස්ථභාවය ආරක්ෂාකර ගතයුතු මෙම කාල පරිච්ඡේදය තුළදී දැනුම සහ අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් මෙම වැඩසටහන ගොඩනගා තිබේ. මෙරට සුළු හා මධ්‍යම පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට සිය තරඟකාරීත්වය වර්ධනය කරගැනීමට සහයෝගය ලබාදීම සඳහා බැංකුව විසින් නිරන්තරයෙන් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන් පවත්වන අතර මෙම සම්මන්ත‍්‍රණය මගින් ව්‍යවසායිකාවන්ට කොවිඞ්-19 වසංගතය නිසා ඇතිවී තිබෙන තත්ත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බව බැංකුව සඳහන් කරයි.
මෙම webinar සම්මන්ත‍්‍රණයේදී ‘ඔබේ මුදල් කළමනාකරණය’ ‘ඔබගේ සැපයුම් දාමය ශක්තිමත් ලෙස පවත්වා ගැනීම,’ ‘කොවිඞ්-19 තවත් එක් කඩුල්ලක් පමණයි.’ සහ ‘ඔබට අවශ්‍ය ආත්ම ශක්තියයි’ යන මාතෘකා යටතේ ව්‍යවසායිකාවන් දැනුවත් කරන ලදී. මෙහිදී, කොමර්ෂල් බැංකුවෙන් මූල්‍ය සහයෝගය ලබාගත හැකි ආකාරය, ණය අරමුදල් නිදහස් කරන ආකාරය පිළිබඳව තොරතුරු සහ මෙම ණය අරමුදල් වලින් ප‍්‍රතිලාභ ලැබෙන ආකාරය නිරීක්ෂණය කරන ආකාරය සහ සුළු හා මධ්‍යම පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයින් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වාදුන් කොවිඞ්-19 ණය යෝජනා ක‍්‍රම හොඳම අයුරින් භාවිතා කිරීම පිළිබඳ තොරතුරුද මෙම සම්මන්ත‍්‍රණයේදී සාකච්ඡා කළේය. කොවිඞ් -19 වසංගත තත්ත්වයෙන් ව්‍යාපාර වලට එල්ලවන සෘණාත්මක බලපෑම මගහරවා ගැනීම සඳහා බැංකුව විසින් ණය පොලී අනුපාත අඩුකර තිබෙන ආකාරය පිළිබඳවද මෙහිදී බැංකුව විසින් දැනුවත් කළේය.
ප‍්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කිරීමේ වාරයකින්ද සමන්විත වූ මෙම සජීවී webinar සම්මන්ත‍්‍රණය Zoom ඔස්සේ පැවැත්වූ අතර එහි වීඩියෝව කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියට, ෆේස්බුක් පිටුවට සහ යූටියුබ් නාලිකාවට ඇතුළත් කර ඇත.
මෙම webinar සම්මන්ත‍්‍රණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකු කටයුතු සැන්ඩ‍්‍රා වල්ගම මහත්මිය මෙසේ සඳහන් කළාය. ‘කොමර්ෂල් බැංකුව පාරිභෝගිකයින් සමග කටයුතු කිරීමේදී ඔවුන්ට සමාන අවස්ථාවන් ලබාදීමට සෑමවිටම කටයුතු කරනවා. නමුත්, ව්‍යවසායිකාවන්ට තවමත් අභියෝගයන් පවතින බව අප විසින් හඳුනා ගත්තා. මේ නිසා, බැංකුව විසින් මේ සඳහා පිළිතුරක් ලබාදීම ප‍්‍රමුඛ කාර්යක් කර ගත්තා. මේ ආකාරයේ සම්මන්ත‍්‍රණයක් කිරීමට හේතුවුණේ කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා අහම්බෙන් ඇතිවූ ආර්ථික සහ සමාජ අභියෝගයන් පිළිබඳව දැනුවත් කරමින් මෙම අසීරු අවස්ථාවේ ව්‍යාපාර නගා සිටුවීම සඳහා බැංකුව විසින් නිර්මාණය කර තිබෙන සහාය ලබාදීමේ වැඩසටහන් පිළිබඳව දැනුවත් කරන්නයි. මීට අමතරව, අපගේ කාන්තා පාරිභෝගිකයින් වෙනුවෙන් බැංකුවේ තිබෙන අඛණ්ඩ කැපවීම යළි යළිත් සහතික කිරීමද මෙම සම්මන්ත‍්‍රණයේ අරමුණක්.’
මෙම webinar සම්මන්ත‍්‍රණය සඳහා සම්පත් දායකයින් ලෙස කළමනාකරණ උපදේශක අනෝජි ද සිල්වා මෙනෙවිය, Women in Logistics & Transport (WiLAT) Sri Lanka හි, සමාරම්භක සභාපතිනිය සහ Chartered Institute of Logistics and Transport (CILT) හි, සභාපතිනිය ලෙස කටයුතු කළ ගයනි ද අල්විස් මහත්මිය, ව්‍යාපාරික සහ අලෙවිකරණ උපදේශක තුසිතා කුමාරකුලසිංහම් මහත්මිය, ජනප‍්‍රිය කේෂාලංකාර සහ රූපලාවන්‍ය ශිල්පිනී සහ පුහුණුකරු, නයනා කරුණාරත්න මෙනෙවිය, කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය නිළධාරීවරයා විනෝද් පිල්ලෙයි මහතා සහභාගී විය. මෙම සම්මන්ත‍්‍රණය මෙහෙයවීම කොමර්ෂල් බැංකුවේ කාන්තා බැංකුකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී, කමලිනී එල්ලාවල මහත්මිය විසින් සිදුකළේය.
මෙම සම්මන්ත‍්‍රණය සඳහා මූල්‍ය සහ මූල්‍ය නොවන ක්ෂේත‍්‍ර නියෝජනය කරන කර්මාන්තවල පළපුරුදු ප‍්‍රමුඛතම පිරිසක් සහභාගී වූ අතර බැංකුවේ නිළධාරීන් සමග සජීවීව අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාවද මෙහිදී හිමිවිය. මේ තුළින් මෙම පාරිභෝගික කණ්ඩායම සහ බැංකුව අතර සබඳතාවය තවදුරටත් ශක්තිමත් වූ බව බැංකුව සඳහන් කරයි.
කාන්තා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් බැංකුවේ දැක්ම තවදුරටත් වර්ධනය කරගැනීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IFC) සමග ගිවිසුමකට එළඹුණු අතර මෙහිදී මෙම පාරිභෝගික කණ්ඩායම වෙනුවෙන් අංශක 360 ක ප‍්‍රවේශයක් භාවිතා කරයි. ඒ අනුව, බැංකු කාර්ය මණ්ඩලය සහ පාරිභෝගිකයින් අතර සබඳතාවයේ ගුණාත්මක තත්ත්වය තවදුරටත් වර්ධනය කිරීමට අදාළ පුහුණුව ඇතුළු මූල්‍ය සහ මූල්‍ය නොවන කරුණු මෙහිදී සැලකිල්ලට ගනී.
ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 873 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.
Video Story