අධිවේගී මාර්ග සහ දුරගමන් බස් සේවාව ශක්තිමත් කිරීම සඳහා ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) නව සුඛෝපභෝගී බස් රථ 200ක් සැපයීම වෙනුවෙන් ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්යාංශය විසින් නිල වශයෙන් ටෙන්ඩර් කැඳවා ඇත.
මෙම ව්යාපෘතියේ අරමුණ වන්නේ පොදු ප්රවාහන සේවය නවීකරණය කරමින් මගී ජනතාවට වඩාත් සුවපහසු සහ උසස් ප්රවාහන සේවාවක් ලබා දීමයි. අධිවේගී මාර්ග සහ දුරගමන් බස් සේවාව ශක්තිමත් කිරීම මගින් ජාතික ප්රවාහන ප්රමිතීන් ඉහළ නැංවීමට මෙමගින් හැකි වේ.
ප්රසම්පාදන ක්රියාවලියේ ප්රධාන තොරතුරු:
මුළු බස් රථ සංඛ්යාව: ආසන 49-54 නව සුඛෝපභෝගී ඩීසල් බස් රථ 200 කි.
පලමු කාණ්ඩය: සෘජු මිලදී ගැනීමේ පදනම මත බස් රථ 29 මිලදී ගැනීම.
දෙවන කාණ්ඩය: වසර 5ක සහන කාලයක ගෙවීමේ පදනම මත බස් රථ 171 මිලදී ගැනීම.
ලංසුකරුවන් සඳහා වැදගත් දිනයන්:
ලංසු පත්රිකා නිකුත් කිරීම: 2026 මාර්තු 20 සිට 2026 අප්රේල් 09 දක්වා.
පූර්ව ලංසු රැස්වීම: 2026 මාර්තු 31 (පෙ.ව. 10:00 ට) - ශ්රී ලංකා ගමනාගමන මණ්ඩල ප්රසම්පාදන අංශය, අංක 200, කිරුල පාර, කොළඹ 05.
ලංසු භාර ගැනීම සහ විවෘත කිරීම: 2026 අප්රේල් 10 (ප.ව. 02:00 ට) - සෙත්සිරිපාය අදියර II, බත්තරමුල්ල.
සුදුසුකම් පිළිබඳ කෙටි හැඳින්වීමක්:
නිෂ්පාදකයින්: වසර 15කට වැඩි නිෂ්පාදන පළපුරුද්දක් තිබිය යුතු අතර, අදාළ බස් මාදිලියෙන් වසරකට අවම වශයෙන් ඒකක 1,000 බැගින් නිෂ්පාදනය කර තිබිය යුතුය.
දේශීය නියෝජිත: අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සඳහා වසර 5ක පළපුරුද්දක් ඇති ලියාපදිංචි දේශීය නියෝජිතයෙකු සහ වැඩපොළ පහසුකම් තිබීම අනිවාර්ය වේ.