නව සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම සුරාබදු ආඥා පනතේ හා අනෙකුත් සියළුම නීතිමය ප්‍රතිපාදනයන්ට යටත්ව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා අත්‍යාවශ්‍ය වන අවස්ථාවලදී පහත සඳහන් බලපත්‍ර කාණ්ඩ යටතේ පමණක් සිදු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
- ර.බී. 7/8 - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් හෝටල් බලපත්‍රය
- ර.බී. 11 - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් භෝජනාගාර (Restaurant) බලපත්‍රය
- ඊ.බී. 22බී - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් ස්ථානීය පරිභෝජනය සඳහා බියර්, ඒල්, ස්ටවුට් හා වයින් විකිණීම සඳහා වූ විශේෂ බලපත්‍රය
- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් සුරාබදු නිවේදන 936 යටතේ ලබා දෙන බුටික් විලා බලපත්‍රය
- ර.බී 14 - සහකාර සුරාබදු කොමසාරිස්ගේ අනුමැතිය මත උත්සව සඳහා පීඨිකා ක්‍රියාත්මක කිරීමට ලබා දෙන අවස්ථා බලපත්‍රය