නව Roland නිෂ්පාදන මල්ටි ඕඩියෝ විෂුවල් වෙතින් ශ්‍රී ලංකාවට

    April, 28, 2016

    ලොව ප්‍රමුඛ පෙලේ ඉකේට්‍රොනික් සංගීත උපකරණ දැන් දිවයින පුරා

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ශබ්ද හා ආලෝකකරණ සැපයුම්කරුවකු වන මල්ටි ඕඩියෝ විෂුවල් ලොව සුපිරි ‍වෙළඳ නාමයක් වන Roland නිෂ්පාදන පෙළක් මෙරට සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දෙයි. මෙම හඳුන්වා දීමේ නිල උත්සවය පසුගියදා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ ක්‍රිස්ටල් බෝල් රූම් හිදී පැවැත්විණ. මෙහිදී නවතම Roland කීබෝඩ් ආදර්ශන වාදනයක් ද ඉදිරිපත් කෙරිණ.

    Roland සන්නාම පියානෝ වාදන ශිල්පියා වන ඉතාලි ජාතික මවුරෝ ගොයිආ මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස එක්වු අතර ඔහු විසින් නවතම Roland නිෂ්පාදන වන E-A7, BK-5, XPS30 යන ආසියානු කලාපය සඳහා නිපදවූ කී බෝඩ් වාදනය කරමින් නිදර්ශක වාදනයක් ද ඉදිරිපත් කරනු ලැබීය. එමෙන්ම XPS-10, BK3, FA-06, RD-300NX යන කී බෝඩ් වර්ග සහ ඊට අදාල උපකරන පිළිබඳව ද මෙහිදී ආදර්ශක සපයනු ලැබීය.

    Roland Corporation ඉලෙක්ට්‍රොනික් සංගීත භාණ්ඩ නිපදවන සහ බෙදාහරින ලොව ප්‍රමුඛතම සමාගමකි. වසර 40කට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රය තුළ කීර්තිමත් නාමයක් Roland දිනා ඇත. ලෝකයේ සංගීත තාක්ෂණය ඉහළ තත්වයෙන් පවත්වාගෙන යාමට Roland ප්‍රමුඛ වී කටයතු කර තිබේ.

    ශ්‍රී ලංකාව සඳහා වන Roland හි බලයලත් නියෝජිතයා වන මල්ටි ඕඩියෝ විෂුවල් විසින් Roland නිෂ්පාදන පෙළක් මෙරට අලෙවි කරයි. කීබෝඩ්, ඩ්‍රම් සෙට්,ඩිජිටල් පියානෝ සහ සින්තසයිසර් ඒ අතර වෙයි. සංගීතමය උපකරණ ගෙන්වීම සඳහා වර්ෂ 1968 දී මල්ටි ඕඩියෝ විෂුවල්ස් පිහිටුවා තිබේ.පසුව 1990 දී මෙම සමාගම ශබ්ද වාහිනී සහ මහජන ඇමතුම් උපකරණ දක්වා සිය ක්ෂේත්‍රය පුළුල් කරගැනීමට සමත් විය. එමෙන්ම වෘත්තිමය ශබ්ද හා ආලෝකකරන පද්ධතීන් මෙරටට ගෙන්වා අලෙවි කිරීමද මල්ටි ඕඩියෝ විෂුවල් විසින් සිදුකරයි. නවතම සහ තාක්ෂණයෙන් උසස් උපකරණ කඩිනමින් මෙරටට හඳුන්වා දීම මල්ටි ඕඩියෝ විෂුවල් හි විශේෂත්වයකි.මේ වනවිට දිවයින පුරා නියෝජිතයින් 45 ක් සහ ප්‍රධාන බෙදාහරින්නන් 10 ක ගෙන් සැදුම් ලත් අලෙවි ජාලයක් එම සමාගම සතු වෙයි.

    මෙම අවස්ථාව අමතමින් අදහස් දැක්වු මල්ටි ඕඩියෝ විෂුවල් හි කළමණාකාර අධ්‍යක්ෂ තිලක් අරුණසිරි මහතා,
    “මෙරට සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන ඕනෑම අයෙක් Roland නිෂ්පාදන ලොව සුපිරිතම නිෂ්පාදනයක් ලෙස පිළිගනී. නමුත් එම නිෂ්පාදන සඳහා නිසි බෙදාහරින්නකු නොමැති වීම නිසා මෙරටට ගෙන්වන වෙනත් නිෂ්පාදන කරා යාමට පාරිභෝගිකයින්ට සිදුවිය. මේ අවස්ථාවේ අපි හිතුවා නැවතත් Roland නිෂ්පාදන ශ්‍රී ලංකාවට විධිමත් ලෙස බෙදා හරිමින් මෙරට සංගීත කාමීන් වෙත ලෝ ප්‍රකට නිෂ්පාදන තිළණ කළ යුතුයි කියලා. අපේ මැදිහත් වීම නිසා මේ වනවිට Roland නිෂ්පාදන දිවයිනේ හොඳම අලෙවියක් සහිත නිෂ්පාදන බවට පත්වී තිබෙනවා.“

    Roland මියුසික් සෙන්ටර් හි කළමණාකරු හර්ෂ උදයංග මහතා සඳහන් කළේ පුළුල් පරාසයක විහිදුනු Roland නිෂ්පාදන කීබෝඩ් වාදකයින්ට, සංගීත කණ්ඩායම් වලට, සංගීත ගුරුවරුන්ට, තනු නිර්මාණ ශිල්පීන්ට සහ ශබ්දාගාර හිමිකරුවන්ට විශේෂයෙන් වැදගත් වන බවයි. මෙම හඳුන්වා දීමත් සමඟ ඔවුන්ට සිය වෘත්තීය අවශ්‍යතා සඳහා ලෝ ප්‍රකට Roland නිෂ්පාදන භාවිත කිරීමට අවස්ථාව හිමිවෙන බව ද ඒ මහතා සඳහන් කළේ ය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ පෙරදිග සංගීතය සඳහාම වන උපකරණ රැසක් Roland විසින් හඳුන්වා දී ඇති බවයි. මෙයින් අදහස් වන්නේ දේශීය සංගීත භාණ්ඩ රැසක නාද සඳහා Roland උපකරණ යොදා ගත හැකි බව ද ඒ මහතා සඳහන් කරයි. උදාහරණයක් ලෙස දේශිය උපකරණ වන හක් ගෙඩියක නාදය සහ ශ්‍රී ලංකා බෙර වල ශබ්දය Roland උපකරන වලින් උපදවා ගත හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

    ලෝ ප්‍රමුඛ Roland කීබෝඩ් වලට අමතරව ලොව පිළිගත් නිෂ්පාදන වන Mackie, Numark, Allen & Heath ,Phonic, Akai, Alesis, Alto, Denon DJ, M-Audio, sound king සහ Samson ආදී කීබෝඩ් ද මල්ටි ඕඩියෝ විෂුවල් අලෙවි කරයි.