නැගෙනහිර තෙල් ගවේෂණයට ප්‍රංශයේ Total සමඟ ගිවිසුමක්

    February, 19, 2016

    ලොව ප්‍රමුඛ පෙ‍ළේ තෙල් හා ගෑස් සමාගමක් වන ප්‍රංශයේ Total සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකා රජය ඊයේ කටයුතු කරනු ලැබීය. මෙහිදී මෙරට නැඟෙනහිර ගැඹුරු මුහුදු තීරයේ තෙල් ගවේෂණ කටයුතු කිරීම වෙනුවෙන් වූ ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමක් සඳහා Total සමඟින් අත්සන් තබා තිබේ.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙට්‍රොලියම් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහ මෙරට ප්‍රංශ තානාපති ජීන් මරින් ස්කුහ් මහතා අතර මෙම ගිවිසුම අත්සන් කෙරිණි.

    මෙහිදී ගවේෂණය සඳහා යොදා ගන්නා මුහුදු කලාපය සඳහා වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 7 ක පමණ කුලී ආදායමක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි සඳහන් වේ.