March, 1, 2017
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා මීටර 85ක් දිගැති අක්වෙරළ නිරීක්ෂණ නෞකා 3ක්, කලම්බු ඩොක්යාඩ් පොදු සමාගම මඟින් ඉදි කරවා ගැනීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ශ්‍රී ලංකාවට අයත් වර්ග කිලෝමීටර 517,000ක් පමණ වූ සාගර කලාපයේ පරීක්ෂා කිරීම් සහ ආපදාවට ලක්වූවන් මුදා ගැනීමේ කටයුතු සඳහා මෙන්ම නීතිය හා සාමය පවත්වා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය නිරීක්ෂණ කටයුතු සිදු කිරීමේ කාර්යභාරය ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබේ.
මෙම කාර්යය සාර්ථකව ඉටු කිරීම සඳහා නොගැඹුරු මුහුදේ මෙන්ම ගැඹුරු මුහුදේ ද දියත් කළ හැකි නෞකා එම දෙපාර්තමේන්තුව සතුව පැවතීම අවශ්‍ය වේ.
Video Story