November, 10, 2016
අද (10) දින සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අපනයන වෙළෙඳාම, විනිමය පාලනය ආදිය සම්බන්ධයෙන් මෙසේ සිය යෝජනා ඉදිරිපත් කළේය.
“අපනයනය සංවර්ධනය කිරීම අපගේ ඉතා ඉහළ ප්‍රමුඛත්වය වන අතර ඒ සඳහා වඩා හිතකර වාතාවරණයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.“
“දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව නොකඩවා අපනයනය පහළ වැටී තිබෙනවා. එය 1990 – 30% මට්ටමේ සිට අද වන විට 15% දක්වා කඩා වැටී තිබීම ආර්ථිකයට යහපත් තත්ත්වයක් ඇති කරන්නක් නොවේ.“
“මෙවැනි තත්ත්වයන් යටතේ ඵලදායීතාව වර්ධනය කිරීම, වෙළෙඳපොළ පහසුකම් වැඩි කිරීම, ද්විපාර්ශවයීය ආර්ථික සහයෝගී ගිවිසුම් ඇති කරගැනීම, ආයෝජන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම, ඉතා අත්‍යාවශ්‍ය ආයතන පිහිටුවීම හා විදේශ විනිමය පාලනය ඉවත් කිරීම ආදිය ඉලක්ක කර ගත් වෙළෙඳාම හා ආයෝජන පදනම් වූ ප්රතිසංස්කරණයක් සැබෑ වශයෙන්ම වඩා හොඳ ජාත්‍යන්තර වෙළෙඳපොළක් හා ආයෝජන වාතාවරණයකට හේතු සාධක වෙනවා.“
“ඇත්ත වශයෙන්ම අප නිදහස් වෙළෙඳාමක් නොව සාධාරණ වෙළෙඳාමක් අරමුණු කර ගන්නා අතර එමඟින් ණය ඇති නොකරන විදේශ අරමුදල් රටට ගලා ඒම දිරිමත් කරනවා.“