නියඟය නිසා මෙරට විදුලිය ඉල්ලුම වැඩිවේ

    March, 29, 2014

    පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට දෛනික විදුලිය පරිභෝජනය ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කියයි.

    ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති, ඩබ්ලිව්.බී. ගනේගල මහතා අප සමග පැවසුවේ වියලි කාලගුණ තත්ත්වය නිසා වායු සමීකරණ, විදුලි පංකා භාවිතය සමස්තයක් ලෙස වැඩිවී තිබීම මේ ආකාරයෙන් විදුලිය ඉල්ලුම වැඩිවීමට හේතුවී තිබෙන බවයි.

    “නියඟයට පෙර කාර්ය බහුල වේලාවලදී මෙරට විදුලිය භාවිතය මෙගාවොට් 1900 ක් විතර වුණා. මේ දිනවල එම ප්‍රමාණය මෙගාවොට් 2050 ක් දක්වා වැඩිවී තිබෙනවා. මෙයට හේතුව වායු සමීකරණ, විදුලි පංකා භාවිතය වැඩිවීමයි.“

    යනුවෙන් ගනේගල මහතා පැවසීය.

    මේ වනවිට, මුළු දිවයිනටම පාහේ පවතින්නේ වියලි කාලගුණ තත්ත්වයකි.