January, 16, 2025
Global Bookkeeping Solutions (Pvt) Ltd, Sri Lanka, සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා නිලූකා ජයසිංහ මහත්මිය, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) විසින් පවත්වන ලද ‘2024 ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායක සම්මාන උළෙලේ’දී ඇගයීමට පාත්‍ර වූයේ, විශිෂ්ට සම්මාන දෙකක් හිමිකර ගනිමිනි. එහිදී “වඩාත් කැපී පෙනෙන අපනයන-නැඹුරුව සහිත ව්‍යවසායිකාව”ට හිමි සම්මානය නිලූකා විසින් දිනාගත් අතර, මධ්‍යම කාණ්ඩයේ ලෝකඩ සම්මානයට හිමිකම් කීමට සමත් වූයේද ඇයයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලී චන්(ග්) මහත්මියගේ ගරු සහභාගිත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවති උත්සවයකදී සම්මාන උළෙලේදී මෙම සම්මාන ප්රදානය සිදු කෙරිණි. නව හා තිරසර ව්‍යාපාරික ඉලක්ක සාක්ෂාත් කර ගනිමින්, මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සලසන ව්‍යවසායිකාවන් මෙම උළෙලේදී සම්මානයට පාත්‍ර කෙරිණි.
ව්‍යාවසායිකාවක් ලෙසින් නිලූකාගේ ආදර්ශමත් නායකත්වය සහ ව්‍යවසායක දැක්ම, GBS ශ්‍රී ලංකා සමාගමේ වර්ධනයට මෙන්ම සාර්ථක ප්‍රගතියට ප්‍රධාන වශයෙන් ඉවහල් වීම හේතුවෙන්, අද වන විට සමාගම සේවා අපනයන ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ සමාගමක් බවටද පත්ව තිබේ.
ඇයගේ මෙහෙයවීමෙන් GBS Sri Lanka සමාගමට BPM ව්‍යාපාර ක්ෂේත්රයේ වෙළෙඳ පොළේ පුළුල් ව්‍යාප්තියක් අත්කර ගැනීමට මෙන්ම, එහි රැකියා අවස්ථාවන් රැසක් උත්පාදනය කිරීමටද හැකියාව සැලසිණි. ඒ අනුව තිරසර ව්‍යාපාරික ක්‍රමවේද ප්‍රවර්ධනය කරන අතරතුර, දේශීය ආර්ථිකය කෙරෙහි මාහැඟි දායකත්වයක් දැක්වීමටද එම සමාගමට හැකිව තිබේ. කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) මගින් ඇයව මෙලෙස සම්මානයට පාත්‍ර කිරීම මගින්, විශිෂ්ටත්වය සඳහා වන ඇගේ කැපවීම මෙන්ම, මෙරට ව්‍යවසායක ක්ෂේත්රයේ වෙනසක් ඇති කිරීම සඳහා ඇගේ කාර්යභාරයද අවධාරණය කෙරේ.
මෙලෙසින් සම්මාන හිමි වීම පිළිබඳව අදහස් දක්වමින් නිලූකා තම කණ්ඩායමට හා තමන්ට සහය දුන් සියලු දෙනා වෙත සිය කෘතඥතාව පළ කළාය. "මෙම සම්මාන, මුළු මහත් GBS ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙහෙස හා කැපවීම පිළිබඳ සාක්ෂියක්. ශ්‍රී ලංකාවේ දක්ෂ හා ප්‍රබෝධමත් ව්‍යවසායිකාවන් පිරිසක් අතර පිළිගැනීමට පාත්‍ර වීම මට නිහතමානී ගෞරවයක්. මෙම ඇගයීම, විශිෂ්ටත්වය සඳහා අඛණ්ඩව කටයුතු කිරීමටත්, ව්‍යවසායක ක්ෂේත්රය සහ සමාජය උදෙසා ධනාත්මක දායකත්වයක් සැලසීමටත් අපව ඉමහත් සේ පොළඹවනවා.”
කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) මගින්, ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායක සම්මාන උළෙල පවත්වනු ලබන්නේ, මෙරට ව්‍යවසායිකාවන්ගේ ජයග්‍රහණ අගයන අතරෙහි, ව්‍යවසායක ක්ෂේත්රයේ හිණි පෙත්තටම යාමට දිරිගන්වමින්, ඔවුන් සවිබල ගැන්වීමේ අරමුණ ඇතිවය. නිලූකා විසින් හිමිකර ගත් මෙම සම්මාන, ව්‍යවසායක ක්ෂේත්රයේ ජයග්‍රහණ ළඟාකර ගැනීමේ අභිලාෂය ඇති අනෙකුත් ව්‍යාවසායිකාවන් දිරි ගැන්වීමට සමත් අතර, ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ කාන්තාවන් මෙහෙයවන ව්‍යාපාර මගින් ඇතිකළ හැකි බලපෑම අවධාරණය කිරීමටද මෙම සම්මාන සමත් වනු ඇත.
Video Story