නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සිදුකල උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමත් ඒ සමගම ලැබුණු ණය සේවාකරණ සහනයත් පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය රජයට තම සුබ පැතුම් එක්කරයි

    October, 7, 2024

    විදේශීය සහ දේශීය, ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම්කරහිමියන් සමඟ ඇති කර ගත් මූලධර්ම පිළිබඳ ගිවිසුම (Agreement in Principle) සම්බන්ධයෙන් නිල ණයහිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකරනු ලැබූ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව නිම කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකා රජයට තම ප්‍රශංසාව පුද කරයි. මෙය විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සනිටුහන් කරන ඉතා වැදගත් පියවරක් වන අතර නව ජනපතිතුමාට  ලංකා වාණිජ මණ්ඩලය විසින් තම සුභාශිංසන පිරිනමමින් සිදු කරන ලද පණිවුඩයේ නිර්දේශ කරන ලද ආර්ථිකයේ ප්‍රමුඛතා ක්ෂේත්‍ර දහයෙන් පළමු ක්ෂේත්‍රය වේ. 

    මෙම වැදගත් කර්තව්‍ය වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළ රජය, මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යංශ ලේකම්තුමා මෙන්ම අදාළ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ට ඔවුන්ගේ දායකත්වය සම්බන්ධයෙන් අපගේ කෘතඥතාවය හිමි වේ. ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමේදී ප්‍රතිකාර සංසන්දනාත්මක මූලධර්මය (Comparability of Treatment) වෙනුවෙන් වන ස්ථීර කැපවීම ඉතා වැදගත් වේ. මේ සම්බන්ධයෙන් නිල ණයහිමියන්ගේ කමිටුවෙහි රටවල්වලින් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉක්මන් ප්‍රතිචාරයක් අපි බලාපොරොත්තු වන්නෙමු. 

    ශ්‍රී ලංකාවෙහි විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉක්මනින් අවසන් වනු ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය අපේක්ෂා කරයි. නිල ණයහිමියන්ගේ කමිටුව  සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ උපදේශන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි විස්තීරණ අරමුදල් පහසුකමෙහි (EFF) විධිවිධාන යටතේ සාර්ථක අනාගත සමාලෝචනයකට සහ ඉදිරි ගෙවීම් සහතික කිරීම සඳහා ධනාත්මක දර්ශකයක් වන අතර, එය රටේ මූල්‍ය ස්ථාවරත්වය සහ ආර්ථික පරිවර්තනය කරා යන ගමනේදී අත්‍යවශ්‍ය පියවරක් වනු ඇත.