September, 27, 2024
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6.0ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් ද අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
තව ද 2024 වසරේ ගත වූ කාල සීමාව තුළ ශ්‍රී ලංකා රුපියල 7%කින් ඉහළ ගොස් ඇති අතර මහ බැංකුව සිය දළ නිල සංචිත (GOR) ඉහළ නැංවීම සඳහා දේශීය වෙළෙඳපොළෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගෙන ඇත.