January, 9, 2017
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව 2016 වසර අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 6,062.71 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මේ අනුව 2016 නොවැම්බර් මස 30 වන දින වාර්තා වූ ඩොලර් මිලියන 5,644.13 ක සංචිත ප්‍රමාණය 2016 දෙසැම්බර් 30 වන දින වන විට ඩොලර් මිලියන 6,062.71 දක්වා මාසයක කාලයකන් අතුළත දී ඇමරිකානු ඩොලර් මිලියන 418.58 කින් වර්ධනය වී තිබේ.
මේ සඳහා ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇත්තේ විදෙස් විනිමය සංචිතයේ ඉහළ යාමයි. 2016 නොවැම්බර් අවසානයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 4,727.60 ක් ලෙසින් වාර්තා වූ විදෙස් විනිමය සංචිත වටිනාකම 2016 දෙසැම්බර් අවසානයේ දී ඩොලර් මිලියන 5,164.89 ක් දක්වා ඩොලර් මිලියන 437.29 කින් ඉහළ ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී කළ විමසීමක දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේ 2016 දෙසැම්බර් මාසය තුළ දී භාණ්ඩාගාරය වෙත ගලා ආ විවිධ අරමුදල් හා දේශීය බැංකුවලින් ලද විනිමය හුවමාරු හරහා මෙලෙස විදෙස් විනිමය සංචිකය වර්ධනය වූ බවයි.
Video Story