නිව්යෝර්ක් ආයෝජන සමුළුව අදයි

    October, 16, 2017

    කොළඹ කොටස් වෙළෙඳපොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව එක්ව සංවිධානය කරනු ලබන “Invest Sri Lanka Investor Forum” ආයෝජන සමුළුව අද (16) දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර Sofitel හේටලයේ දී ආරම්භ වීමට නියමිතය.

    මෙම සමුළුවේ ප්‍රධින දේශනය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන හා කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්වරුන් විසින් මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ අවස්ථා පිළිබඳ ඉදිරිපත් කිරීම් සිදුකිරීමට නියමිත ය.

    මෙම ආයෝජන සමුළුව සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ සාමාජික තැරැව්කාර සමාගම් සහ ලැයිස්තුගත සමාගම්වල නියෝජිතයින් රැසක් ද සහභාගී වනු ඇත.