නිවාසි ඕකිඩ් දෙවැනි අදියර අතිසාර්ථක ලෙසින් තවත් ඉදිරියට

    October, 13, 2016

    මෙරට දේපළ වෙළෙදාම් ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ කීර්තිමත් නාමයක් දිනූ ව්‍යාපෘතියක් වන ‘‘නිවාසි ඩිවෙලොපර්ස්’’ මාලඹේ ප‍්‍රදේශයේ කේන්ද්‍රකර ගනිමින් ස්ථාපිත කළ ඕකිඞ් නිවාස සංකීර්ණයේ අතිසාර්ථකත්වය හමුවේ එහි දෙවැනි අදියරට පියවර තබයි. මාලඹේ ප‍්‍රදේශයේ නිවාස සදහා වැඩි වටිනාකමක් එක්කරමින් ආරම්භ වූ ඕකිඞ් නිවාස ව්‍යාපෘතිය පවතින තරගකාරී වෙළෙදපොළ තුළ වඩාත් සුරක්ෂිත හා මුදලට වැඩි වටිනාකමින් යුත් ආයෝජනයක් ලෙස ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව ඇති බව එහි දෙවැනි අදියර ආරම්භයට පෙර සිටම ගැනුම්කරුවන් විසින් සිදුකළ වෙන්කරවා ගැනීම් තුළින් පිළිඹිබු වී තිබේ.

    සීග‍්‍රයෙන් දියුණු වෙමින් පවතින නගරයක් වන මාලඹේ ප‍්‍රදේශය තුළ මේ වන විට සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ වී තිබේ. මාර්ග පද්ධති හා තවත් දැවැන්ත ව්‍යාපෘති රැසක් ඒ අනුව ආරම්භ වී ඇති අතර අධිවේගි මාර්ග පද්ධති දැනටමත් මාලඹේ නගරය හරහා වැටී ඇති අතර සැහැල්ලූ දුම්රිය සේවාවක් ද ඒ හරහා ඉදිකිරීමට යෝජිතව ඇත. සංවර්ධන සැලසුම් අතර තොරතුරු තාක්ෂණ නගරයක් බවට පරිවර්ථනය කරමින් තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතන සදහා වැඩි ඉඩක් මාලඹේ නගරය තුළ වෙන් කිරීමටද සැලසුම් කර තිබේ. උසස් අධ්‍යාපනය සදහා පෞද්ගලික විශ්ව විද්‍යාල රැසක් ද මේ වන විටත් මාලඹේ නගරය තුළ ස්ථාපිතව පවතින අතර සුප‍්‍රකට පෞද්ගලික පාසල් ද ඒ අතර පවතී. ජීවත් වීමට වඩාත් මිත‍්‍රශීලි පරිසර වටපිටාවක් මෙන්ම සංවර්ධිත නගරයක් ලෙසින් මාලඹේ නගර සීමාවේ දේපල සදහා වැඩි වටිනාකමක් මේ වන විට ගොඩනැගෙමින් පවතී.

    ෂක්‍ක්‍ සමාගමට අනුබද්ධිත ආයතනයක් ලෙස කි‍්‍රයාත්මක නිවාසි වසර 15කට වැඩි කාලයක් පුරා දේපළ වෙළෙදාම් ක්ෂේත‍්‍රයේ විශ්වාසනීය ව්‍යාපෘතියක් ලෙස නිවාස ඒකක 2000කට වැඩි ප‍්‍රමාණයක් රටපුරා ස්ථාපිත කර තිබේ. වසර 30කට වැඩි කාලයක අත්දැකීම් සහිත ෂක්‍ක්‍ සමාගමට මෙරට ඉදිකිරීම් කෂේත‍්‍රයේ නොමැකෙන සලකුණක් තැබීමට සමත්ව ඇති අතර දෙස් විදෙස් ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා සැපයුම් ආයතන අතර පුරෝගාමී ආයතනයක් ද වේ.

    වර්ථමානයේ ගැනුම්කරුවන්ට ඔබින නවතම අංගඋපාංග වලින් සමන්විත ඕකිඞ් නිවාස ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ අධිසුඛෝපභෝගි නිවාස ඒකක 6ක් ද ඇතුලූව නිවාස ඒකක 156ක් ඉදිකරනු ලබයි. පරිසර හිතකාමීබව සුරකමින් ඉදිකරනු ලබන මෙම ව්‍යාපෘතිය හරහා ස්වභාවික පරිසරයේ සෞන්දර්ය අත්විදිමින් නවීන පහසුකම් සහිත නිවසක හිමිකරුවකු වීමට මේ තුළින් අවස්ථාව උදාවනු ඇත. ඊට අමතරව සියලූ උපාංග සපිරි ව්‍යායාම මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාක, ආරක්ෂක පද්ධති, විදුලිජනන පද්ධති, වායුසමීකරණ, ගිනි ගැනීම් අනතුරු ඇගවීමේ පද්ධති හා විදුලිසෝපාන ඇතුලූ පහසුකම් රැසකින් ද ව්‍යාපෘතිය සමන්විතව පවතී. ව්‍යාපෘතිය 2017 වසරේ දෙසැම්බර් මාසයේ දී ඉදිකර අවසන් කිරීමට නියමිතයි.

    ඕකිඞ් දෙවැනි අදියරෙහි සීමිත නිවාස සංඛ්‍යාවක් රුපියල් මිලියන 10 සිට මිලදී ගැනීමේ හැකියාව පවතින අතර රුපියල් ලක්ෂ 5ක මුදලක් ගෙවා එය වෙන් කර ගැනීමේ හැකියාව පවතී. ඉදිකිරීම් කාලය තුළ පොළී රහිත ගෙවීම් පහසුකම් පවතින අතර බැංකු ණය පහසුකම් සලසා දී ඇත.

    ලෝක බැංකු දත්ත වාර්ථාවන් පෙන්වා දෙන්නේ අනුව ඉදිරි වසර 15 තුළ මිලියන 250කට වැඩි ජනකායක් දකුණු ආසියානු රටවල ජීවත් වීමට වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කරමින් සිටින බවයි. ඒ අනුව මෙරට දේපළ වෙළෙදාම් ක්ෂේත‍්‍රය ඔස්සේ රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදෙමින් හො`ද ආයෝජන අවස්ථාවක් උදාකර දීම නිවාසි ඩිවොලොපර්ස්හි තවත් ප‍්‍රධානතම අරමුණකි.