නිවාස ව්‍යාපෘතියක කොන්ත්‍රාත්තුවක් ඇක්සස් ඉංජිනියරින් වෙත

    December, 23, 2025

    කිරුළපන, කොළඹගේ මාවතේ නිවාස ඒකක 615ක් සහිත නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම

    අතරමග නැවතී තිබූ කිරුළපන, කොළඹගේ මාවතේ නිවාස ඒකක 615ක් සහිත නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම පිණිස 2024‑12‑30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලංසු කැඳවන ලදුව ලංසු 04ක් ලැබී ඇත.

    එකී ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.