නිවාස ව්‍යාපෘති සමාගමකට ඇක්සස් රුපියල් මිලියන 523 ක් ආයෝජනය කරයි

    June, 30, 2015

    මාලඹේ අක්කර 12.5 ක ඉඩමක නිවාස සහ තට්ටු නිවාස ව්‍යාපෘතියක් සිදුකරන හොරයිසන් හෝල්ඩින්ග්ස් වෙන්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ සහ හොරයිසන් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා මෙරට ප්‍රකට ඉදිකිරීමේ සමාගමක් වන ඇක්සස් හෝල්ඩින්ග්ස් රුපියල් මිලියන 523.3 ක මුදලක් ආයෝජනය කර ඇත.

    මේ අනුව, ඇක්සස් ඉංජිනියරිං සමාගම හොරයිසන් හෝල්ඩින්ග්ස් වෙන්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ සියයට 100 ක සාමාන්‍ය කොටස් මිලදීගැනීම සඳහා රුපියල් මිලියන 273.3 ක ආයෝජනයක් සිදුකර තිබෙන අතර හොරයිසන් හෝල්ඩින්ග්ස් සමාගමේ සියයට 50 ක සාමාන්‍ය කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 250 ක් ආයෝජනය කර තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates