නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

    November, 19, 2024

    2024 ඔක්තෝබර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා  සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    නිෂ්පාදන ක්‍රියාකාරකම්හි තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ඔක්තෝබර් මාසයේ දී  දර්ශකාංක 58.1ක් දක්වා ඉහළ ගියේය. සෑම වසරකම පරිදි, උත්සව සමය එළඹීමේ දී භාණ්ඩ සඳහා   වන ඉල්ලුම ඉහළ යෑම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූ අතර, මේ සඳහා  සියලුම උප දර්ශක ධනාත්මකව දායක විය.

    ප්‍රධාන වශයෙන් ආහාර සහ පාන නිෂ්පාදන අංශයට ඉදිරි උත්සව සමය සඳහා ඇණවුම් තවදුරටත් ලැබීම හේතුවෙන්, නව ඇණවුම් උප- දර්ශකය ඔක්තෝබර් මාසයේදී ඉහළ ගියේය. තවද, නිෂ්පාදන ආයතන මේ වන විට සිය නිෂ්පාදන ක්‍රියාවලි වේගවත් කර ඇති අතර, ඒ හේතුවෙන් මාසය තුළ දී නිෂ්පාදන උප දර්ශකය වැඩි විය. එමෙන්ම, නව ඇණවුම් සහ නිෂ්පාදනයේ ඉහළ යෑමට සමගාමීව සේවා නියුක්තිය සහ මිලදී ගැනීම් උප දර්ශක ද පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ ගියේය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ තවදුරටත් ඉහළ මට්ටමක පැවතුණි.

    එළඹෙන උත්සව සමය හේතුවෙන් ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන කටයුතු සඳහා වන ඉදිරි දැක්ම යහපත් මට්ටමක පවතී.