නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

    December, 17, 2024

    2024 නොවැම්බර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි

    නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 නොවැම්බර් මාසයේදී 53.3 ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කරන අතර, ඒ සඳහා සියලුම උප දර්ශක ධනාත්මක දායකත්වයක් ලබා දුන්නේය.

    නොවැම්බර් මාසයේදී නව ඇණවුම් ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශය දායක විය. තවද, නිෂ්පාදන උප දර්ශකය ඉහළ යෑම සඳහා ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ දායකත්වය කැපී පෙනුණි. මෙලෙස, නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක ඉහළ යෑමට සමගාමීව සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනීම් උප දර්ශක ද පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ ගියේය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ තවදුරටත් ඉහළ මට්ටමක පැවතුණි.