නිහාල් ෆොන්සේකා මුදල් මණ්ඩලයට

    August, 5, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් ප්‍රමුඛ පෙළේ බැංකුකරුවකු වන නිහාල් ෆොන්සේකා මහතා පත් කර තිබේ. මෙම පත්වීම 2016 ජූලි 27 දින සිට බලපැවැත්වෙනු ඇත.

    නිහාල් ෆොන්සේකා මහතා, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් වසර 13 ක කටයුතු කළ අතර HSBC Colombo හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් වසර 10 ක් කටයුතු කර තිබේ.

    කොළඹ කොටස් වෙළෙඳපොළ, Lanka Ventures PLC, Acuity Partners Pvt. Ltd., Lanka Industrial Estates Ltd., National Asset Management Ltd. යන සමාගම්වල හිටපු සභාපතිවරයා වන්නේ ද ෆොන්සේකා මහතා ය.

    වර්තමානයේ දී John Keells Holdings PLC හා Brandix Lanka Ltd සමාගම් හි විගණන කමිටු සභාපතිවරයා ලෙසින් නිහාල් ෆොන්සේකා මහතා කටයුතු කරනු ලබයි.