නීතිවිරෝධී දුම්කොළ නිෂ්පාදන වෙළෙඳාම තුරන් කිරීමේ සම්මුතියට ප්‍රවේශ වීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

    January, 16, 2016

    ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ මර්දන සම්මුතියට ඇතුළත් වූ ආසියාවේ පළමු රට වන අතර, ලෝකයේ 4 වැනි රට ලෙස 2003 වසරේ දී එකී සම්මුතියේ පාර්ශවකරුවෙක් විය.

    දුම්කොළ නිෂ්පාදන භාවිතය බොහෝ බෝ නොවන රෝග, විශේෂයෙන් හෘද රෝග සඳහා ප්‍රධාන අවදානම් සාධකයක් වේ. මෙරට ලියාපදිංචි කර ඇති බලපත්‍රලාභී දුම්කොළ නිෂ්පාදනවලට අමතරව නීතිවිරෝධී දුම්කොළ නිෂ්පාදන සැලකිය යුතු ප්‍රමාණයක් රට තුළ පයතින බව තහවුරු වී ඇත.

    ඇතැම් අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් සහ බාලවයස්කරුවන් එවැනි මිල අඩු නීතිවිරෝධී නිෂ්පාදන භාවිතය කෙරෙහි නැඹුරුවීමක් දක්නට ඇත. එම තත්ත්වය ජනතාවගේ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් එල්ල කරයි.

    ඉහත සම්මුතියට ප්‍රවේශ වීම මගින් නිතිවිරෝධී දුම්කොළ වෙළෙඳාම තුරන් කිරීම සඳහා ඵලදායී මර්දන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව නීතිවිරෝධී දුම්කොළ නිෂ්පාදන වෙළෙඳාම තුරන් කිරීම සඳහා වන සම්මුතියට ප්‍රවේශවීම පිණිස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.