November, 16, 2015
සුවිශේෂී නිපුණත්වයෙන් යුත් නිර්මාණාත්මක කාර්යයකට මුලපුරමින් Cinnamon Hotels & Resorts විසින් සුප්‍රකට අවහන්හල්කරුවකු, ප්‍රවීණ ඕස්ට්‍රේලියානු සූපවේදී විනිසුරුවරයෙකු, නම් දැරූ සූපවේදියකු, රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නකු මෙන්ම බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති සූපවේදී ගත්කතුවරයකු වන මාර්කෝ පියරේ වයිට් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් හි පියාසර අනුග්‍රහයද සහිතව 2016 ජනවාරි 18-31 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත කරවීම සඳහා කටයුතු යොදා තිබේ. ‘මිචෙලින්‘ තරු 3ක් දිනා ගැන්මට සමත් වූ පියරේ එය දිනා ගැනීමට සමත් වූ ළාබාලතම සූපවේදියාද වේ. ඔහු විසින් ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ සුප්‍රකට පුද්ගලයන් සඳහා Cinnamon Hotels & Resorts විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩ සටහන් කීපයකදී තම ඉවුම් පිහුම් වෙසෙසියාවන් ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
Cinnamon ශ්‍රී ලංකාව තුළ කැපී පෙනෙන ජාත්‍යන්තර ඉසව් සංවිධානය කරමින් සහ එවැනි දේ සඳහා සත්කාරකත්වයන් සපයමින් තම සන්නාමය සඳහා ‘හඬක්‘ ජනනය කිරීමේ නිරතව සිටින අතර මෙයද නූතන හෝටල් දාමය සඳහා තවත් එක් දැවැන්ත සාර්ථකත්වයකි. මෙම කීර්තිමත් සූපවේදියාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර 2016 ජනවාරි 22 ඔහු විසින් කොළඹ නගරයේ සුප්‍රකට පුද්ගලයින් වෙනුවෙන් ‘තේමාවකට අනුව සැකසෙන රාත්‍රී ආහාර, භෝජනයක්‘ පිළියෙල කරන අතර එහිදී අමුත්තන්ට ඔහු සමග අන්‍යොන්‍යව සම්බන්ධවීමේ අවස්ථාවද සැලසේ. එසේම මෙම සුප්‍රකට සූපවේදියා 2016 ජනවාරි 23 දින Cinnamon සමග එක්ව ඉවුම් පිහුම් කලාවේ ආධුනිකයින්ගේ සුබසිද්ධිය උදෙසා ‘ශිල්පීය පන්තියක්‘ ද මෙහෙයවනු ඇත.
මාර්කෝ පියරේ වයිට් ‘මිචෙලන්‘ තරු 3ක් හිමිකර ගැනීමට සමත් වූ ළාබාලතමයා වීමේ දුර්ලභ අවස්ථාව හිමිකර ගැනීමට සමත් වූ සූපවේදියෙකි. ඔහු සූපවේදියකු ලෙස ලන්ඩනයේ Le Gavroche හිද අනතරුව La Tante Claire, Le Manoir aux Quat' Saisons සහ Ninety Park Lane හිද පුහුණුව ලබා තිබේ. ලබාගත් පළපුරුද්දෙන් සන්නද්ධව මාකෝ පියරේ වයිට් ස්වාධීන සූපවේදියකු ලෙස Six Bells public house හි තම සූපවේදි ගමන් මග ඇරඹූ අතර 1987දී ලන්ඩනයේ වැන්ඩ්ස්වර්ත් කොමන්හි Harveys අවන්හල ආරම්භ කරන ලදී. ඉන්පසු ඔහු පැරණි‚ Hyde Park Hotel හෝටලය ඔහුගේ නමින් යුත් අවන්හලක සහ Le Meridien Piccadilly හි Oak Room හි අනුශාසක සූපවේදියකු ලෙස කටයුතු කළේය. මෙම කාලය තුළ ලොව ප්‍රකට සූපවේදීන් වන රැම්සේ සහ රොබට් රීඩ් ඔහුගේ සිසුන් ලෙස පුහුණුව ලදහ.
2007 ITV නාලිකාවේ Hell's Kitchen වැඩසටහන් මාලාවේ ප්‍රධාන සූපවේදියා ලෙස පමණක් නොව තවත් රූපවාහිනී වැඩසටහන් රැසකටද ඔහු තම දායකත්වය සපයා තිබේ. 2008 වසරේදී ග්‍රැනඩා ඇමෙරිකා විසින් නිෂ්පාදනය කරන ලද The Chopping Block රූපවාහිනී වැඩසටහන් මාලාව ඉදිරිපත් කරන ලද්දේ ද මාර්කෝ පියරේ වයිට් විසිනි. මේ වන විට ඔහු Australian Master Chef වැඩසටහන් විනිසුරුවරයකු ලෙස මහත් ජනප්‍රියත්වයක් දිනා සිටී. පියරේ විශිෂ්ඨ අලෙවියක් වාර්තා කළ ඉහුම් පියුම් කෘති රැසක ගත්කතුවරයාද වෙයි.
මේ පිළිබඳව තම අදහස් දැක්වූ Cinnamon හි සන්නාම අලෙවි ප්‍රධානි දිලීප් මුදදෙණිය මහතා මෙසේ පැවැසීය. “ලොව ප්‍රකට සූපවේදියකු මෙන්ම අවන්හල්කරුවකුද වන මාර්කෝ පියරේ වයිට් ශ්‍රී ලංකාවට කැඳවා ඔහුට ශ්‍රී ලංකාව අනාවරණය කිරීමට අවස්ථාව ලැබීම ඇත්තෙන්ම අපට මහත් සතුටක්. අපේ සාම්ප්‍රදායික ආහාරපාන වගේම ජෛව විධත්වයෙන් යුත් බොහෝ ස්ථාන පිළිබඳව සලකා බලද්දී අපට ඔහු වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ බොහෝ දේ තිඛෙනවා. ඔහුට අමතක නොවන සංචාරයක අත්දැකීමක් ලබාදෙන්න Cinnamon සූදානමින් සිටිනවා. ‘තේමාවකට අනුව පිළියෙල වන රාත්‍රී ආහාර භෝජනයක්‘ හා ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සඳහා ‘ශිල්පීය පන්තියක්ද‘ සංවිධානය කිරීම තුළින් කර්මාන්තයේ සෙසු පුද්ගලයින් සමග සූපවේදී වයිට්ගේ අත්දැකීම් ඛෙදාහදා ගැනීමට අවස්ථාවක් සලසාදීමට අපට අවස්ථාවක් උදාවීම ඇත්තෙන්ම අභිමානයක්. මාර්කෝ පියරේ වයිට් වැනි ගෝලීය පෞරුෂයක් දිනූ පුද්ගලයෙක් සමග හවුල්වීම අප ලද වරප්‍රසාදයක් ලෙස සලකන අතර ඔහු සෙසු ලෝකයට අපේ ආගන්තුක සත්කාර පිළිබඳ හොඳ රෙකමදාරුවක් දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.“
තම සන්නාමය හා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව අලෙවි කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ කාර්යයේදී Cinnamon Hotels & Resorts නවෝත්පාදන පිළිබඳ ගමන්මගකට අවතීර්ණය වී සිටී. සමුළු හා වැඩමුළු තුළින් නායකත්වයේ ගුණාංග ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දීමට අමතරව තම මුද්‍රාව බඳු ආගන්තුක සත්කාර පිළිබඳ අත්දැකීම් ලබාදීම වෙනුවෙන් ප්‍රවණතා සඳහා යම් බලපෑමක් කළ හැකි ලොව පිළිගත් පුද්ගලයන් සම්බන්ධ කර ගනිමින් එම ‘අදහස් නිර්මාණකරුවන්ට‘ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අනාවරණය කිරීමට අවස්ථාවන් උදා කිරීමටද Cinnamon කටයුතු කරනු ලබයි.
Cinnamon සංවිධානය කරනු ලබන මාර්කෝ පියරේ වයිට්ගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා 2016 ‘එක්සත් රාජධානි ආහාර සතියේ‘ අංගයක් ලෙස බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේද සහාය ලැඛෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, Cinnamon Life, HSBC, Land Rover Sri Lanka, Quintessentially Ceylon සහ Trekurious යන ආයතනද සහාය වේ.
ඡායාරූපය - මාර්කෝ පියරේ වයිට්, දිලිප් මුදදෙණිය, වසන්ත ලීලානන්ද හා සුනිමල් සේනානායක
Video Story