March, 23, 2016
ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා බෙනෙලක්ස් ව්‍යාපාරික කවුන්සිලය විසින් මෙරට ව්‍යාපාරික ප්‍රජාව හා අභිනවයෙන් පත්වූ මෙරට නෙදර්ලන්ත තානාපතිනි ගරු ජොආන් ඩූන්වර්ඩ් මෙනවිය අතර හමුවක් සංවිධානය කර තිබේ. මාර්තු 24 දින කළම්බු ක්ලබ් හිදී මෙම හමුව පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර ව්‍යාපාරික සබඳතා තර කිරීමේ අරමුණින් මෙම හමුව සංවිධානය කර ඇත.
ලංකා වාණිජ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා බෙනෙලක්ස් ව්‍යාපාරික කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව හා බෙනෙලක්ස් රටවල් අතර ද්වි මාර්ගික ව්‍යාපාරික හා ආයෝජන ප්‍රවර්ධන කටයුතු සිදුකරනු ලබයි.
මේ සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන ව්‍යාපාරිකයින් හට 011 5588859 හෝ 011 2421745 ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
Video Story