February, 24, 2026
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති Wiebe de Boer මහතා සහ කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද මුදල් අමාත්‍යංශයේදී පැවැත්විණ.
මෙම හමුවේදී දෙරට අතර ආර්ථික සහයෝගීතාවය, ආයෝජන අවස්ථා සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කෙරිණ. විශේෂයෙන්ම ග්‍රාමීය මාර්ග පාලම් සහ බෝක්කු පිලිසකර කරදීම පිළිබඳවද අවධානය යොමු කෙරිණ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී කරුණු හුවමාරු වී ඇති අතර, ඉදිරියටද ශක්තිමත් සහයෝගයක් ලබාදීමට නෙදර්ලන්ත තානාපතිවරයා කැමැත්ත පළකර තිබේ.
මෙම හමුව දෙරට අතර දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මනා පිටිවහලක් වන බව නෙදර්ලන්ත තානාපතිවරයා මෙහිදී පවසා සිටියේය.
Video Story