නෙදර්ලන්ත සංචාරකයින්ගේ පැමිණීමෙහි වර්ධනයක්

    July, 28, 2025

    2025 ජූලි මාසය තුළ දී නෙදර්ලන්ත සංචාරකයින්ගේ පැමිණීමේ කැපීපෙනෙන වර්ධනයක් වාර්තා වේ.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව 2025 ජූලි මාසයේ පළමු දින 23 තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 145,188 ක් ලෙසින් දැක්වෙන අතර එහිදී ඉන්දියාවට (27,786) සහ එක්සත් රාජධානියට (16,750) පසු තෙවැනියට වැඩියෙන්ම සංචාරකයින් පැමිණ රට ලෙසින් නෙදර්ලන්තය (10,809) සටහන්ව ඇත. මෙය ජූලි මාසයේ මේ දක්වා මෙරටට පැමිණි මුළු සංචාරකයින් ප්‍රමාණයෙන් 7.4%ක් වේ.

    මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක මූලාශ්‍ර අතරට එක් නොවුණු නෙදර්ලන්තය වැනි රටක්, මෙම ලැයිස්තුවේ ඉදිරියට පැමිණීම විශේෂ සිදුවීමකි. සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තාවලට අනුව 2025 පළමු මාස 06 තුළ දී මෙරටට පැමිණ ඇති මුළු නෙදර්ලන්ත සංචාරකයින් සංඛ්‍යාව 26,139 කි.

    මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරනු ලැබූ නවතම නිල දත්ත වාර්තාවන්ට අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දහතුන් ලක්ෂයේ සීමාව ඉක්මවා යමින් 1,313,232ක් ලෙසන් සටහන්ව ඇත.