February, 2, 2026
2025 ජාතික විශිෂ්ඨතම සේවායෝජක සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍ර වෙයි
ලංකා සේව්‍ය සම්මේලනය (EFC) විසින් සංවිධානය කරනු ලැබූ 2025 ජාතික විශිෂ්ඨතම සේවායෝජක සම්මාන උළෙල පසුගියදා පැවැත්විණ. එහිදී නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සේවායෝජකයින් 10 දෙනා අතරට එක් වෙමින් ගෞරවයට පාත්‍ර විය. ඒ සමඟ ජනතාව කේන්ද්‍ර කොටගත් සේවා ස්ථාන පිළිවෙත් අනුගමනය කිරීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස සිය විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කිරීමට නෙස්ලේ සමත් විය. මෙම සම්මාන උළෙලේදී කීර්තිමත් ෆ්රෑන්ක්ලින් අමරසිංහ අනුස්මරණ සම්මානයේ සමස්ත ජයග්‍රාහකයා ලෙසද නෙස්ලේ ලංකා සමාගම පිළිගැනීමට ලක් වූයේ මෙරට මානව සම්පත් ක්ෂේත්රයේ වඩාත් ප්රගතිශීලී, සාධාරණ හා සහයෝගී කර්මාන්ත සබඳතා ඉහළ නංවන සමාගමක් ලෙස පෙරමුණ ගනිමිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ සභාපති හා කළමනාකාර අධ්යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා “2025 ජාතික විශිෂ්ඨතම සේවායෝජක සම්මාන උළෙලේදී නෙස්ලේ ලංකා සමාගම පිළිගැනීමට ලක් වීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙහිදී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සේවා යෝජකයින් 10 දෙනා අතරට එක් වීමට මෙන්ම ෆ්රෑන්ක්ලින් අමරසිංහ අනුස්මරණ කාර්මික සම්බන්ධතා විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමට අපි සමත් වුණා. ඒ තුලින් පිළිගනු ලැබුවේ ජනතාවගේ අභිවෘද්ධිය කේන්ද්‍ර කරගනිමින් අප විසින් ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී සේවා සංස්කෘතියයි. සෑම විටම ශ්‍රී ලාංකේය ජනතාවගේ යහපත වෙනුවෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන අප මෙම පිළිගැනීම තුලින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොර, සහයෝගී හා එකිනෙකාට ගරු කිරීම මුල් කො ගත් සේවා ස්ථානයක් වෙනුවෙන් අප සිදු කරන කැපවීම පිලිබිඹු කෙරේ. නෙස්ලේ ලංකා සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවී කටයුතු කරන අපගේ කණ්ඩායම් පිළිබඳව මා ඉතා සතුටට පත් වෙනවා. වසර 120ක් පුරා ශ්‍රී ලාංකික ජීවිත නගා සිටුවීමට සමත් වූ සමාගමක් ලෙස පරම්පරා ගණනාවක් තිස්සේ සේවක වර්ධනය හා යහපැවැත්ම ඉහළ නැංවීමටත් මානව සම්පත් භාවිතයන් තුලින් මෙරට සමාජීය හා ආර්ථික දියුණුව සඳහා දායකවීමටත් අපි කැපවී කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.
තවද 2025 ජාතික විශිෂ්ඨතම සේවායෝජක සම්මාන උළෙලේදී නෙස්ලේ ලංකා සමාගම හිමිකරගත් මෙම පිළිගැනීම “ජනතාව හා ආයතනික කණ්ඩායම සමඟ ජයග්‍රහණය කිරීම” වෙනුවෙන් සමාගමේ කැපවීම තව දුරටත් ඉහළ නැංවීමට සමත් වනු ඇත. එසේම ඒ තුලින් සමාගමේ සේවක ප්‍රජාව, ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාවන් සඳහා පොදු වටිනාකමක් නිර්මාණය කිරීමේ නෙස්ලේ ලංකාහි සුවිසල් කැපවීමද මනාව පිළිබිඹු කරයි.
වත්මන් ප්‍රජාවගේ හා අනාගත පරම්පරාවේ ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ආහාරයන්හි ශක්තිය ලබා දීමේ අරමුණින් යුතුව සිය මෙහෙයුම් සිදු කරන නෙස්ලේ ලංකා සමාගම වසර 120ක කාලයක් පුරා ශ්‍රී ලාංකේය ජීවිත සවිබල ගැන්වීමට කටයුතු කර ඇත්තේ රසවත් හා පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනයන් රැසක් ඔවුන් වෙත ලබා දෙමිනි. යහපත් සෞඛ්‍යයෙන් පිරිපුන් පවුලක්, ශක්තිමත් ප්‍රජාවක් හා හරිත පරිසරයක් දැයට දායාද කිරීමට කැපවී සිටින නෙස්ලේ ලංකා සමාගමේ නිෂ්පාදනයන්ගෙන් 90%ක ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කරනු කරනු ලබන්නේ ඉහළම ආරක්ෂාව හා ගුණාත්මකභාවය මනාව සහතික කරමින් කුරුණෑගල පිහිටි අති නවීන කර්මාන්තශාලාවේදී ය.

ලංකා සේව්‍ය සම්මේලනයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා, නෙස්ලේ ලංකා සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා, MAS Legato හි කුසලතා අත්පත් කර ගැනීමේ සේවා බෙදා හැරීම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ෂැරන් අමරසිංහ මහත්මිය, නෙස්ලේ ලංකා සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂිකා එනෝකා සිරිමාන්න මහත්මිය, සේව්‍ය සම්මේලනයේ අධ්යක්ෂ ජනරාල් වජිර ඇල්ලේපොල මහතා
ඡායාරූප විස්තරය - ලංකා සේව්‍ය සම්මේලනයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා, නෙස්ලේ ලංකා සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා, නෙස්ලේ ලංකා සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂිකා එනෝකා සිරිමාන්න මහත්මිය, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ අධ්යක්ෂ ජෝනි සිම්ප්සන් මහත්මිය, ඉන්දියාවේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සේවායෝජක කටයුතු (දකුණු ආසියාව) සම්බන්ධ ජ්‍යෙෂ්ඨ විශේෂඥ රවී පීරිස් මහතා, ලංකා සේව්‍ය සම්මේලනයේ අධ්යක්ෂ ජනරාල් වජිර ඇල්ලේපොල මහතා
Video Story