December, 9, 2025
2025 හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී (Best Corporate Citizen Sustainability Awards 2025) නෙස්ලේ ලංකා සමාගම, මානව - සමාජ තිරසාරභාවය සඳහා වන Triple Bottom Line සම්මානය, ව්‍යාපාරය අභිබවූ පරිසරය සඳහා වන Category සම්මානය, සේවක සබඳතා සඳහා වන Category සම්මානය, පාරිභෝගික සබඳතා සඳහා වන Category සම්මානය සහ පාරිසරික කැපවීම, පාරිසරික ඒකාබද්ධතාවය සහ සේවක සබඳතා සඳහා පසුගිය වසර තුන මුළුල්ලේ දියත් කළ ව්‍යාපෘතීන්ගේ අඛණ්ඩ කැපවීම හා ඉහල නැංවීම අගයමින් සම්මාන තුනක්ද ඇතුළුව සම්මාන හතකින් පිදුම් ලැබූයේ ය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා “2025 හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී නෙස්ලේ ලංකා සමාගම ඇගයීමට ලක්වීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. මෙවන් වේදිකාවක් මත අපගේ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට මෙන්ම තිරසාරභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වර්ධනය පිළිබඳව දැක ගැනීමට ලැබීම අප ලද ගෞරවයකි. සමාජය සඳහා යහපත් දේ කිරීම වෙනුවෙන් වන අපගේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරගෙන යාමටත්, වටිනාකම් දාමය හරහා අපගේ කොටස්කරුවන් සමඟ වඩා තිරසර හා ශක්තිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමටත් මෙම ඇගයීම තුළින් අපව දිරිමත් කරනවා. අපගේ ‘Good food, Good life’ තේමාව සනාථ කරමින් අනාගත පරපුර වෙනුවෙන් යහපත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ප්‍රමුඛ සාධකයක් බවට පත්වීමට අපි අඛණ්ඩව කැපවී කටයුතු කරනවා. ” යනුවෙන් පැවසීය.
සිය ව්‍යාපාර මෙහෙයුම්හි සෑම අංශකටම තිරසාරභාවය එක් කර ඇති නෙස්ලේ ලංකා සමාගම එහි කොටස්කරුවන් සමඟ එක්ව පුද්ගලයන්ට, පවුල්වලට සහ සමාජයටත්, පරිසරයටත් සේවය කිරීම සඳහා සුවිශේෂී වැඩසටහන් රැසක් සිදු කරනු ලබයි. ලංකා වාණිජ මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ වඩාත් පිළිගත් සම්මාන උළෙලක් වන හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී සමාජය, පරිසරය සහ ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කරමින් තිරසාරභාවය වෙනුවෙන් කැපවන ආයතන හා සංවිධාන ඇගයීමට ලක් කරනු ලබයි. වාර්ෂිකව පවත්වනු ලබන මෙම සම්මාන උළෙලේදී දේශීය ආර්ථිකය, ප්‍රජාව සහ ආයතනික තිරසාරභාවය සඳහා වන සුවිශේෂී දායකත්වයන් ඇගයීමට ලක් කිරීමද සිදු වේ.
1906 වසරේදී මෙරට මෙහෙයුම් ආරම්භ කළ නෙස්ලේ සමාගම අදවන විට ශ්‍රී ලාංකේය ජීවන රටාවේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. මෙරට කිරි හා පොල් ගොවීන් මෙන්ම ගෙවතු වගාකරුවන් 15,000කට වැඩි පිරිසකගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට කැපවී සිටින නෙස්ලේ 700කට වැඩි පිරිසක් වෙත ඍජු රැකියා අවස්ථා උදා කර දී ඇත. ඔවුන් විසින් මෙරට අලෙවි කරනු ලබන නිෂ්පාදනයන්ගෙන් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි නවීනතම කර්මාන්තශාලාවේදී දැඩි සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්‍රමිතීන්ට අනුව දේශීයව නිෂ්පාදනය කිරීමද විශේෂත්වයකි.
ඡායාරූප විස්තරය - 2025 හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන (BCCS) උළෙලේ සමූහ ඡායාරූපය
වම් පස සිට දකුණු පස දක්වා: නෙස්ලේ ලංකා සමාගමේ ආයතනික සබඳතා සහ සන්නිවේදන අධ්‍යක්ෂ - රුවන් වැලිකල මහතා, නෙස්ලේ ලංකා සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ - බර්නි ස්ටෙෆන් මහතා, නෙස්ලේ ලංකා සමාගමේ ආයතනික සන්නිවේදන සහකාර කළමනාකාරිණී - ස්නේහා වික්‍රමසිංහ
Video Story