නෙස්ලේ  MILO, ‘Win Big’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින්ට පවුලේ සාමාජිකයින් සමඟ මැලේසියාවට සවාරියක්

    August, 11, 2025

    නෙස්ලේ MILO වෙළෙඳනාමය  යටතේ දියත් කරනු ලැබූ  නවතම පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනෙහි ජයග්‍රාහකයින් වෙනුවෙන් රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය. සිහින සැබෑ කර ගැනීම සඳහා තම කැපවීම ප්‍රදර්ශනය කළ නෙස්ලේ  MILO මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රථම ස්ථානය වෙනුවෙන් මැලේසියාවට පවුලේ සංචාරයක් හිමි කර දීමට කටයුතු කරන ලදී.  ඒ අනුව එම සුවිශේෂී අවස්ථාව අහංගම පටබැඳිගේ පවුලට හිමි වූ අතර සුපිපි ගීත්මා ජවීර පටබැඳිගේ, කැලුම් ජයවීර පටබැඳිගේ, කලිඳු ජයවීර පටබැඳිගේ සහ රසික බෝදිය මරක්කල පටබැඳිගේ ය නඅය එම වාසනාවන්තයින් බවට පත් වූහ.

    පරම්පරා ගණනාවක විශ්වසනීය සන්නාමයක් ලෙස ශ්‍රී ලාංකිකයින්ගේ පිළිගැනීමට ලක්ව ඇති නෙස්ලේ MILO සෑම විටකම දරුවන්ගේ හැකියාවන් ශක්තියෙන් සවිබල ගැන්වීමට කටයුතු කරමින්   ශක්තියට එහා ගිය වටිනාකමක් ඔවුන්ට ලබා දීමට සමත්ව සිටියි.