“නේචර්ස් සීක්‍රට්ස්” නැචුරල් ඔයිල් මොයිස්චරයිසින් බොඩි ලෝෂන් දැන් ශාකසාර 8 කින්

    December, 28, 2015

    සොබා දහමේ රහස් ඔබේ රුවට යන තේමා පාටය රැගත් නේචර්ස් සීක්‍රට්ස් ශාකසාර රූපලාවන්‍ය නිෂ්පාදන ඔබේ රූසපුව වඩවමින් නිරෝගීමත් කරයි. සියයකට අධික නේචර්ස් සීක්‍රට්ස් නිෂ්පාදන ISO සහ GMP උසස් ප්‍රමිතීන් යටතේ ඉතා සුරක‍ෂිතව නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කරයි.

    මෙම නිෂ්පාදන අතර ඇති නේචර්ස් සීක්‍රට්ස් නැචුරල් ඔයිල් මොයිස්චරයිසින් බොඩි ලෝෂන් දැන් නව ඇසුරුම්වල ශාකසාර 8 කින් හඳුන්වා දී ඇත.

    සියයට සියයක්ම දේශීය නිෂ්පාදනයක් වන නේචර්ස් සීක්‍රට්ස් වෙළෙඳපලේ ඇති බහුජාතික සමාගම් වල නිෂ්පාදන පරයමින් › ලංකාවේ අංක 01 ශාකසාර රූපලාවන්‍ය සන්නාමය ලෙස ජනතා විශ්වාසය දිනාගෙන සිටී.

    ස්වභාවධර්මයේ හා තාඬණයේ සුසංයෝගයක් ලෙස නවීන යන්ත්‍රානුසාරයෙන් නිපදවන නේචර්ස් සීක්‍රට්ස් නැචුරල් ඔයිල් මොයිස්චරයිසින් බොඩි ලෝෂන් පෙට්‍රෝලියම් තෙල් සහ සිලිකොන් අඩංගු නැති දැනට වෙළෙඳපලේ ඇති එකම ලෝෂන් නිෂ්පාදන පෙලයි. 100%ක් ස්වභාවික තෙල් සහිත නැචුරල් ඔයිල් මොයිස්චරයිසින් බොඩි ලෝෂන් දවස පුරා ඔබේ සම වියළීමෙන් ආරක්ෂා කර සමෙහි තෙතමනය රැක දෙමින් ඔබේ සමට සුමුදු බවක් ලබා දෙයි.
    ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ විශ්වාසය දිනූ නව වැඩිදියුණු කළ නේචර්ස් සීක්‍රට්ස් නැචුරල් ඔයිල් මොයිස්චරයිසින් බොඩි ලෝෂන් ආකර්ෂණීය ඇසුරුමකින් ඔබ අතට පත් වන්නේ එයට නව අගයක් ලබා දෙමිනි.

    පරීක්ෂණ මත පදනම්ව නේචර්ස් සීක්‍රට්ස් නිෂ්පාදන වෙළෙඳපලට හඳුන්වා දෙන නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වය සතු ශාක පර්යේෂණාගාරයට සහ ඔසු උයනට හිමිකම් කියයි. ශාක උද්‍යානයේ ඖෂධීය ශාක 700 කට අධික සංඛ්‍යාවක් රෝපණය කර ඇත. ඊට අනුබද්ධිත පටක රෝපණාගාරයෙන් වඳ වී යන ඖෂධීය ශාක පටක මගින් රෝපණය කර ඒවා සංරඬණය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇත.

    ඡායාරූපය - ශාකසාර 8 කින් යුත් නේචර්ස් සීක්‍රට්ස් නැචුරල් ඔයිල් මොයිස්චරයිසින් බොඩි ලෝෂන් නිෂ්පාදන පෙළ