December, 20, 2019
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙවරත් උත්සව සමය වෙනුවෙන් ඇමරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් හිමියන් උදෙසා දීමනා රාශියක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
නත්තල යනු කවදත් පවුලේ සැමගේ සතුට හා එකමුතුව වඩවන කාලයකි. මේ කාලය තුළ කවුරුත් සාප්පු සවාරියේ යෙදීමටත් තෑගි බෝග හුවමාරු කරගැනීමටත් විශාල උනන්දුවක් දක්වති.
මේ නිසාම, නත්තලේ සතුට තවතවත් වර්ධනය කිරීම උදෙසා වෙළඳ ආයතනන රැසක් සමග අත්වැල් බැඳගෙන දීමනා රාශියක් හඳුන්වා දීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් කටයුතු කර තිබේ. ඒ අනුව ඇඟලූම්, ආභරණ, සුපිරි වෙළඳසැල්, ගෘහෝපකරණ, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ආහාරපාන, ඉඳුම් හිටුම් යනාදී අංශ රාශියක් ආවරණ වන පරිදි දීමනා 200 කට අධික සංඛ්‍යාවක් හඳුන්වා දී ඇත.
‘‘මෙය නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් හිමියන්ට තවත් සුවිශේෂී අත්දැකීමක් බවට පත්වේවි. අප කවදත් නත්තල සහ අලූත් අවුරුද්ද එළඹෙන විට අපගේ කාඞ්පත් හිමියන් වෙනුවෙන් මෙවැනි වාසි පිරිනැමීමට කටයුතු කරනවා. සුපුරුදු ලෙසම මෙවරත් උත්සව සමයේ ප්‍රීතිය අපගේ කාඞ්පත් හිමියන් සමග බෙදාහදාගැනීමට අප දැන් සූදානම්.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඞ්පත් ප්‍රධානී නිලූක ගුණතිලක මහතා පැවසී ය.
තමන් ආදරය කරන කෙනෙකුගෙන් වටිනා තෑග්ගක් හිමිවීම යනු ඇතැම්විට දිවි ඇති තුරා අමතක නොවන මතකයක් විය හැක. එවන් තිළිණයක් සොයන අයෙකුට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් ගෙනෙන මේ වාසි රැුස අතිශයින් වැදගත් වැනි නො අනුමාන ය.
මෙම දීමනා පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා www.americanexpress.lk වෙත පිවිසෙන්න. නැතිනම් පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය වන (011) 4 414141 අමතන්න. Nations Mobile Banking app හරහාද නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අලූත්ම දීමනා හා ප්‍රවර්ධන වැඩසටහන් ආදිය සම්බන්ධයෙන් ක්ෂණිකව තොරතුරු දැනගත හැකි අතර සධී සහ ්බාරදසා සඳහා එය ලබාගත හැකි වේ.