March, 6, 2026
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි ආයෝජනය කිරීම සඳහා ආයෝජකයන් හෝ ආයෝජකයන්ගේ එකමුතු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම සඳහා ආරාධනා කර සිටී.
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයට 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අඛණ්ඩව කඩ කිරීම/ පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් නව තැන්පතු ද ඇතුළු ව කුමන ආකාරයෙන් හෝ මහජන අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සීමා පනවා ඇත.
තව ද, 2025 ජූලි 04 වන දින සිට බලපැවැත්වෙන පරිදි, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ
විධිවිධාන යටතේ නියාමන ක්‍රියාමාර්ග මහ බැංකුව විසින් ආරම්භ කර ඇති අතර, ඒ අනුව සමාගමට අද්මිනිස්ත්‍රාසිවරයකු පත් කර තිබේ.
අභිලාෂයන් භාර ගැනීම සඳහා අවසන් දිනය 2026 මාර්තු 20 වේ.
Video Story