October, 19, 2016
ඉ-රාජ්‍ය කටයුතු සඳහා අවශ්‍ය අධිවේගී සහ සුරක්ෂිත සම්බන්ධතාවන් හා නොමිලේ වයි-ෆයි සේවා සැපයීම ඉලක්ක කරගනිමින් ලංකා රාජ්‍ය ජාලය - 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
රාජ්‍ය ආයතන හා මහජනතාව අතරත්, රාජ්‍ය ආයතන හා රාජ්‍ය ආයතන අතරත් ඩිජිටල් ක්‍රමයට අන්තර් සබඳතාව පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 2007 - 2012 කාල වකවානුව තුළ හඳුන්වා දෙන ලද ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය (Lanka Government Network - LGN) යටතේ ලබා දෙනු ලැබ ඇති දත්ත සම්ප්‍රේෂණ වේගය අඩු වීම ආර්ථිකය ඩිජිටල් කිරීමේ රජයේ අරමුණ ළඟාකර ගැනීමට ඇති ප්‍රධාන බාධකයක් වී ඇති බවට මේ වන විට හඳුනා ගෙන තිබේ.
ඒ අනුව ලංකා රාජ්‍ය ජාලය - 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.