February, 12, 2016
අනුකලිත කළමනාකරණ පද්ධතියකට අනුකූලව යමින් 2016 වසර ඇරඹීමට නොරිටාකේ ලංකා පෝසිලේන් (පුද්) සමාගම පසුගිය දා පියවර ගනු ලැබීය.
මෙම පද්ධතිය මගින් ISO ප්රමිතීන් විසින් මෙතෙක් ලබා දී තිඛෙන වඩාත් ප්‍රසිද්ධ කළමනාකරණ පද්ධතීන් වන තත්ත්ව කළමනාකරණ පද්ධති - QMS, පාරිසරික කළමනාකරණ පද්ධති - QMS හා වෘත්තීයමය සෞඛ්‍යය හා සුරක්ෂිත කළමනාකරණ පද්ධති - OHSAS ඇතුලූ අවශ්‍යතාවන් සපුරාලනු ඇත.
මෙහිදී හඳුන්වා දෙන ලද QMS (ISO 9001) මඟින් තත්ත්ව කළමනාකරණ පද්ධතීන් ක්‍රියාවට නංවනු ලබන අතර EMS (ISO 14001) මඟින් සංවිධානය වෙත පාරිසරික කළමනාකරණ පද්ධතීන් ක්‍රියාවට නැංවීම සඳහා අවස්ථාව සලසා දෙනු ලබයි. OHSAS (ISO 18001) තුළින් ආයතනයේ වෘත්තීයමය සෞඛ්‍යය හා සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතීන් කි‍්‍රයාවට නංවාලනු ඇත.
2014 වසරේ ඔක්තෝබර් මාසයේ දී NLPL කළමනාකාරීත්වය විසින් IMS වෙත යාමට තීරණය කරන ලදී. මේ වෙනුවෙන් වසරක් තුළ දී මෙම සහතිකකරණය ලබා ගැනීම සඳහා කමිටුවක් පිහිටුවනු ලැබීය. එහිදී නොරිටාකේ කණ්ඩායම මේ සඳහා අවශ්‍ය කෙරෙන ලිපිලේඛන හා අනෙකුත් අවශ්‍යතාවන් මනා කොට පිළියෙල කිරීමට සමත් විය. පළමු අදියරේ විගණනය 2015 ජූනි මාසයේ දී පැවති අතර ඊට ලැබුණු අදහස් උදහස් අනුව කෂණිකව ප්‍රතිචාර දක්වමින් එය අවසන් කිරීමට හැකිවිය. 2015 නොවැම්බර් මාසයේ දී දෙවන අදියර පැවැත්වුණු අතර එහිදී IMS සහතිකකරණය සඳහා නොරිටාකේ ලංකා සමත්විය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය එල්. සෙනවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වූ සම්මාන උළෙල පැවැත්විණි. මෙහිදී නොරිටාකේ ලංකා පෝසිලේන් ලිමිටඩ් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අධ්‍යකෂ ටී.සී. තෙන්නකෝන් මහතා විසින් මේ සඳහා වන සහතිකකරණය ලබාගත් අතර ඊට නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගම සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නියෝජනය කරමින් නියෝජිතයින් ගණනාවක් එක්විය.
සිලෝන් සෙරමික් කෝපරේෂන් හා ජපානයේ නොරිටාකේ කම්පනි ලිමිටඩ් සමඟ ඒකාබද්ධ වීමෙන් 1972 වසරේ දී ඇරඹුණු නොරිටාකේ ලංකා පෝසිලේන් (පුද්) සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිඟන් භාණ්ඩ නිෂ්පාදකයා ලෙසින් අද වන විට සිය නාමය ඉහළින්ම තහවුරු කර ගැනීමට සමත් වී තිබේ. සමාගමේ නිෂ්පාදනාගාරය මාතලේ පිහිටා තිඛෙන අතර තිරුවාණාගල්, ෆෙල්ස්පර් හා ඩොලමයිට් නිධි ඒ සමීපයේ පිහිටා තිබීම ඊට හේතුවකි.
1972 වසරේ දී සේවකයින් 150 ක ගෙන් ඇරඹි සමාගමේ අද වන විට සමස්ත කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 1200 ක් පමණ වේ. එමෙන්ම මෙහි සේවය කරන බොහෝ සේවකයින්, සුපරීකෂකවරුන් හා කළමනාකරුවන් ජපානයේ දී තමන් නිරත ෙකෂ්ත්‍රයන් හි විශේෂ පුහුණුව ලැබූ අය වෙති.
මෙම සියලූ නිෂ්පාදනයන් සමාගම විසින් සිදුකරනුයේ ඇමරිකා එක්සත් ජනපදයේ FDA මගින් නිකුත් කරනු ලබන තත්ත්ව සහතිකයන්ට යටත්ව තම නිෂ්පාදනවල ඊයම් සහ කැඩ්මියම් අඩංඟු නොවන බවට තහවුරුවක් ලබා දෙමිනි. ජපාන විශේෂඥභාවයට අමතරව ISO පද්ධතීන් හි සහයෝගය ද එහි කළමනාකරණ ක්‍රියාවලියට ලැඛෙනු ඇත.
අද වන විට නොරිටාකේ ලංකා පෝසිලේන් පුද් සමාගම විසින් පෝසිලේන් නිෂ්පාදිත ඒකක මිලියන 6 කට වඩා අපනයනය කරනු ලබන අතර එහි වටිනාකම රුපියල් මිලියන 2,500 ඉක්මවනු ඇත. මහද්වීප පහ පුරාවටම රටවල් 100 ක එහි අලෙවිකරණ කටයුතු ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ හෝටල්වල ප්‍රධාන සැපයුම්කරුවකු බවට මේ වන විට නොරිටාකේ ලංකා පත්ව තිබේ.
2000 වසරේ පටන් නොරිටාකේ ලංකා, ISO 9001 තත්ත්ව කළමනාකරණ පද්ධතියට හිමිකම් කියනු ලබයි. එතැන් සිට මේ දක්වා සමාගමේ ප්‍රමිති හා නිෂ්පාදන පරාසය ඉහළ නංවාගැනීමට නොරිටාකේ ලංකා සමත්ව තිබේ. පසුගිය වසර 15 පුරාවට ඉහළම ප්‍රමිතිය තහවුරු කර ගැනීමට නොරිාටකේ සමත්ව තිඛෙන්නේ දේශීයව මෙන්ම අපනයන වෙළෙ`දපොළ තුළ ද කැපී පෙනෙන ලාභදායීත්වයක් වාර්තා කරමිනි.
ඡායාරූපය - (වමේ සිට දකුණට) නාලිකා වීරසිංහ, කළමනාකරණ අභ්‍යාසලාභී QA-IMS Noritake, දේශානි රත්නායක, සහකාර කළමනාකාර මානව සම්පත් සංවර්ධන - නොරිටාකේ, ඩී.එස්. සමරසිංහ, ප්‍රමිති ආරකෂණ කළමනාකාර, MR-IMS, Noritake, අශෝක බණ්ඩාර, කර්මාන්තශාලා කළමනාකරු නොරිටාකේ, ටී.සී. තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ නොරිටාකේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනේ අධ්‍යකෂ ජනරාල් ආචාර්ය එල්.එන්. සෙනවීර මහත්ම මහත්මීන්.
Video Story