නොවැම්බරයේ දී උද්ධමනය වැඩිවෙයි

    December, 22, 2015

    උද්ධමනය ගණනය කෙරෙනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය නොවැම්බර් මාසය තුළ දී 2.6% කින් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර සිටී.

    ඔක්තෝබර් මාසයේ දී 0.7% ක්ව පැවති මෙම අගය මෙලෙස 2.6% ක් දක්වා ඉහළ යාම කෙරෙහි අංශ කිහිපයකම මිල ඉහළයාම් බලපා තිබේ. ආහාර හා මධ්‍යසාර නොවන කාණ්ඩයේ අයිතමයන්ගේ මිල ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. මීට අමතරව රෙදිපිළි හා පාවහන්, ගෘහභාණ්ඩ හා නඩත්තු කිරීම්, ප්‍රවාහන, සෞඛ්‍යය හා වෙනත් සේවා කාණ්ඩයේ මිල ඉහළ යාම් මෙලෙසින් ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බරයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වැඩි වීමට හේතු වී තිබේ.

    පහත දැක්වෙන්නේ 2014 ජනවාරි මාසයේ සිට 2015 නොවැම්බර් මාසය දක්වා මෙම මිල දර්ශකය හැසිරුණු අයුරුයි.