December, 12, 2016
2016 නොවැම්බර් මාසය තුළ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 404.57 කින් පහළ ගොස් තිබේ. 2016 ඔක්තෝබර් 31 දින වන විට පැවති නිල සංචිත වත්කම් වටිනාකම ඩොලර් මිලියන 6,053.84 ක්වූ අතර එය නොවැම්බර් 30 වන දින වන විට ඩොලර් මිලියන 5,649.27 දක්වා අඩු වී ඇත.
මෙහිදී ඔක්තෝබර් අවසානයේ දී පැවති විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5,071.88 ක්වූ අතර නොවැම්බර් 30 දින වන විට එය ඩොලර් මිලියන 4,730.78 දක්වා ඩොලර් මිලියන 341.1 කින් පහළ ගොස් ඇත.
මේ අතර ශ්‍රී ලංකාව සතුව තිබූ නිල රන් සංචිත ප්‍රමාණය ද නොවැමබර් මාසය තුළ දී ඩොලර් මිලියන 911.2 සිට ඩොලර් මිලියන 848.73 දක්වා, ඩොලර් මිලියන 62.47 ක පහළ යාමක් වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනාවරණය කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
Video Story