2025 නොවැම්බර් දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 21 ඉක්මවයි

    December, 2, 2025

    2025 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 212,906ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දැක්වෙනුයේ 2,103,593ක් ලෙසයි.

    නොවැම්බර් මාසයේ 8,530ක ඉහළම සංචාරක පැමිණීම නෙැවැම්බර් 22වැනි දින වාර්තා වී ඇති අතර එම කාල සීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව පෙරමුනේ පසු වෙයි.

    වසරේ මේ දක්වා ඉන්දියාවෙන් 474,796ක්, එක්සත් රාජධානියෙන් 191,742ක්, රුසියාවෙන් 158,593ක්, ජර්මනියෙන් 131,259ක් සහ චීනයෙන් 121,671ක් ලෙසින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates