December, 23, 2015
ශ්‍රි ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei නොවැම්බර් මාසය තුළ රුපියල් මිලියන 500 ක අලෙවි ආදායමක් වාර්තා කරයි. මෙය 2014 වෙළඳ වසරට සාපේක්ෂව 200% ක වර්ධනයකි. සාර්ථක වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන් සහ G7 Plus,Y6 සහ Honor වැනි නව්‍ය නිෂ්පාදන හදුන්වාදීම තුළින් මෙම අලෙවි ඉලක්ක සපුරා ගැනීමට හැකිවී තිබේ.
Huawei එකම බෙදාහරින්නා වන සිංගර් ශ්‍රීලංකා සමාගම සතු අලෙවි සේවාව මෙම වර්ධනයට බෙහෙවින්ම බලපා තිබේ. එමෙන්ම කාර්යක්ෂම සේවා සැපයීම, අලෙවියෙන් පසු සේවාව,වසර දෙකක් දක්වා වු වගකීම් සහතිකය, වැනි සුවිශේෂි ගුණාංග මඟින් Huawei සහ සිංගර් ශ්‍රී ලංකා පිළිබදව පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු වී තිබේ.
Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වැන්ග් මහතා සදහන් කළේ ශ්‍රි ලංකාව තුළ සිය අයෝජන වල ප්‍රතිඵල ලැබෙමින් පවතින බවයි. පාරිභෝගික ව්‍යාපාර සමුහය මෙහිදී පුළුල් මෙහෙවරක් ඉටුකළ බවත් ඔවුන් වෙත ස්තුතිය පිරිනමන බවත් හෙතෙම සඳහන් කළේය.
නොවැම්බර් මාසය ආරම්භයේදී Huawei විසින් දියත් කළ “Huawei Dream World 2015″ ප්‍රවර්ධන වැඩසටහන ද සුවිශේෂි අවස්ථාවකි. මෙම ප්‍රවර්ධන වැඩසටහන මඟින් නොවැම්බර් පළමු වෙනිදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා Huawei සමාර්ට්ෆෝන් මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙත යුරෝපය, මැදපෙරදිග සහ ගිණිකොන දිග ආසියාවට සංචාරයන් පිරිනමයි.මෙම ප්‍රවර්ධන වැඩසටහන ද Huawei ස්මාර්ට්ෆෝන් අලෙවිය වර්ධනය වීමට හේතුවක් වී තිබේ.
මෙම වර්ධනය පිළිබඳ අදහස් දැක්වු Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කලේ මේ වනවිට පවත්වාගෙන යන විශිෂ්ට පාරිභෝගික සේවාව මගින් මෙරට අංක එකේ ස්මාර්ට්ෆෝනය බවට පත්වීමේ ඉලක්කය කරා ඉතා පහසුවෙන් ළගාවිය හැකිවනු ඇති බවයි. වරින් වර නව නිෂ්පාදන පෙලක් හඳුන්වා දීම මඟින් තම සමාගම අපේක්ෂා කරන්නේද පාරිභෝගිකයාට සිය කැමැත්තට සරිලන ස්මාර්ට්ෆෝනයක් තෝරාගැනීමට අවස්තාව ලබාදීම බව ද ඒ මහතා සඳහන් කළේය.
Huawei සමාගම පසුගිය සැප්තැම්බර් මාසයේ නිවේදනය කළේ 2016 වසරේ සිව්වන කාර්තුව වන වට මෙරට අංක 01 ස්මාර්ට්ෆෝන් අලෙවිකරු වීම සිය ඉලක්කය බවයි.මේ අතර 2015 ඔක්තෝම්බර් මාසය වන විට ගිණිකොන දිග ආසියානු කලාපයේ වෙළඳ පොළ වෙත මුදාහැර ඇති Huawei ස්මාර්ට්ෆෝන් ප්‍රමාණය පසුගිය වදරට සාපේක්ෂව 30% ක වර්ධනයක් පෙන්නුම් කරයි.
සිංගර් ශ්‍රී ලංකා සමුහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා පෙන්වා දුන්නේ සිංගර් සහ Huawei අතර සබඳතාව තම සමාගමට සහ Huawei සමාගමට මෙන්ම ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවට ද ජයග්‍රාහි අවස්ථාවක් උදා කරදී ඇති බවයි. සිංගර් සමාගම දිනෙන් දින පාරිභෝගික විශ්වාසය තහවුරු කර ගනිමින් සිය වෙළඳ ශක්තිය වර්ධනය කරගන්නා අතර Huawei සමාගම දිනෙන් දින නව තාක්ෂණය හා මුසු වෙමින් එම පාරිභෝගික ජනතාවගේ සැබෑ අවශ්‍යතාව හඳුනා ගනිමින් සිය නිෂ්පාදන ඉදිරිපත් කිරීම නිසා වෙළඳ පොළ තුළ ස්ථාවර වීමට හැකිවු බව ද හෙතෙම පැවසීය. Huawei හි එකම බෙදාහරින්නා වශයෙන් එම නිෂ්පාදන තවදුරටත් පාරිභෝගිකයා අතරට ගෙනයාමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කලේය.
අන්තර්ජාතික වශයෙන් ඩොලර් බිලියන 20 ක අලෙවි ඉලක්කයක් කරා කටයුතු කරමින් සිටින Huawei සමාගම ඒ සඳහා ස්මාර්ට්ෆෝන් මිලියන 100ක් අලෙවි කිරීමට අපේක්ෂා කරයි. මීට අමතරව නව සංකල්ප සහ උපාංග නිපදවීම සඳහා ද Huawei සමාගම ප්‍රමුඛත්වය ලබාදී තිබේ. මේ යටතේ පැළඳගෙන යා හැකි ස්මාර්ට් උපකරණ ස්මාර්ට් හෝම්, වැනි සංකල්ප රැසක් එළිදැක්වීමට නියමිතයි.
ඡායාරූප - Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු (වමේ ) , Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වැන්ග් , පසුගියදා පැවති සිංගර් ලයිෆ් ස්ටයිල් ප්‍රදර්ශනයේ දී Huawei G7 Plus ස්මාර්ට්ෆෝනය හඳුන්වා දෙමින්
Video Story