පර්චසයක් ලක්ෂ 290කට අලෙවි වුණු කොළඹ ඉතිහාසයේ දැවැන්තම ඉඩම් ගනුදෙනුව

    August, 13, 2025

    තුම්මුල්ල ප්‍රදේශයේ අක්කරයකට ආසන්න ඉඩමක් පර්චසයක් රුපියල් මිලියන 29ක වාර්තාගත මුදලකට අත්පත් කර ගැනීමට තමන් සමත් වු බව Home Lands සමූහය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ, මෙය කොළඹ ඉඩම් ගනුදෙනුවකදී පර්චසයකට ගෙවන ලද ඉතිහාසයේ ඉහළම මුදල බවයි.

    මෙම වාර්තාගත ඉඩම් මිලදී ගැනීමේ සමස්ත ආයෝජනය රුපියල් බිලියන 4.5 ඉක්මවා ඇති බව ද සඳහන් වේ.

    මෙලෙස මිලදී ගත් තුන්මුල්ලේ ඉඩමේ, මහල් 40 කින් යුත් අති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් වන Pentara Residencies ඉදිකිරීමට නියමිත අතර එය හැටන් නැෂනල් බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වේ.